15976 BM WEB BANNER 01
Dec 05, 2016

කැප්පෙටිපොළ දිසාවේ රාජ්‍ය ද්‍රෝහියෙකු කළ ගැසට් පත්‍රය අවලංගුයි!

වර්ෂ 1818 උඩරට කැරැල්ල මෙහෙය වූ කැප්පෙට්ටිපොළ අධිකාරම් ඇතුළු උඩරට නායකයන් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කරමින් නිකුත් කර ඇති ගැසට් පත්‍රය අවලංගු කරන්නැයි  නිර්දේශ ඉදිරිපත් කර ඇති බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

එවකට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රි විසින් 1818 ජනවාරි මස 10 වැනිදා කැප්පෙටිපොළ මහාධිකාරම් ඇතුළු සිංහල නායකයන් 19 දෙනෙකුගේ නම් 1818/01/10 අංක 851 දරන ලංකා ගැසට් පත්‍රයේ පළකරමින් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කර තිබේ.

වසර 200කට ආසන්න කාලයක් ගතවී ඇතත් එම ගැසට් පත්‍රය අවලංගු කර නොමැත.

ඉංග්‍රීසීන්ගෙන් රට බේරා ගැනීමට සටන් කළ මෙම නායකයන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු කර ජාතික වීරවරයන් ලෙස නම් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා ජනාධිපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය අවධාරණය කරයි.

මෙසේ රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම්කර තිබෙන්නේ කැප්පෙටිපොළ දිසාවේ, ගොඩගෙදර රටේ අධිකාරම්, කැටකාල මොහොට්ටාලේ, මහා බෙත්මරාලේ, කුඩා බෙත්මරාලේ, පොල්ගොල්ල මොහොට්ටාලේ, වත්තේ කැලේ මොහොට්ටාලේ, පොල්ගහගෙදර රෙහෙනරාලේ, පොසේරෙවත්තෙ විදානේ, කිව්ලේගෙදර මොහොට්ටාලේ,  යාලගොම්මේ මොහොට්ටාලේ, උඩමාදුරේ මොහොට්ටාලේ, කොහුකුඹුරේ රටේරාලේ, කොහුකුඹුරේ වලව්වේ මොහොට්ටාලේ, බුටුවේ රටේරාලේ, බගිනිගහවෙල රටේරාළ, මහාබදුල්ලේ ගම්මානේ රටේරාලේ, බුළුපිටියේ මොහොට්ටාලේ හා පල්ලේමල්හෙයායේ  ගමැතිරාලේ යන සිංහල නායකයන්වය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top