15976 BM WEB BANNER 01
Dec 30, 2016

වලස් නැටුම්

හිම වැටුනු නගරයක රතු පැහැයෙන් සැරසී නටන වලස් රෑනක් දුටුවොත් එය දවල් සිහිනයක් දැයි බොහෝ දෙනාට සිතෙනු ඇත.

එහෙත් රුමේනියාවේ නැගෙනහිර මෝල්ඩෝවා ප්‍රදේශයේ වැසියන් නම් එවැනි දසුනක් දැකීමෙන් පුදුම නොවෙනු ඇත.

ඒ, මෙම නටනු වලසුන් ඔවුන් ගේ සංස්කෘතික අංගයක් වන බැවිනි.

වලස් සම් පොරවා ගත් ප්‍රදේශවාසීන් බෙරවාදන වල තාලයට නටමින් යන මෙම සංස්කෘතික අංගය සාමාන්‍යයෙන් වාර්ෂිකව නත්තල් දිනය හා ජනවාරි 01දා අතර පැවැත්වේ.

නපුරු ආත්ම එලවීමේ අරමුණින් මෙම වලස් නැටුම් පැවැත්වේ.

මෙම අපූරු සංස්කෘතික අංගය පිළිබඳව විශිෂ්ට ඡායාරූප එකතුවක් පසුගියදා එළිදක්වා තිබුණු අතර, නිව් යෝක් නගරයේ ඡායාරූප ශිල්පිණියක් වන ඩයනා සෙයිනෙබ් අල්හින්දාවි විසින් මෙම ඡායාරූප එකතුව එළිදක්වා තිබේ.

අඩක් රුමේනියානු ජාතිකයෙකු වන ඩයනා, මෙම ඡායාරූප එකතුව ගෙන ඇත්තේ ඇගේ පැරණි ගම්මානය වන Moinesti වලදීය.

නර්තන ශිල්පීන් හා ශිල්පිනියන් නර්තනයේ යෙදෙමින් සිටින අතරතුර හා විවේකයෙන් සිටින වේලාවේ විශේෂ අවස්ථා කිහිපයක් ඩයනා විසින් සිය කැමරා කාචයේ සටහන් කරගත් අයුරුයි මේ.

(ඡායාරූප : සී එන් එන් ලෝක සේවය)

 

Bear1 600px 16 12 30Bear2 600px 16 12 30

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top