Feb 03, 2017

ජනතාව එලවා පාර ඇල්ලූ දියබෙදුම අලියා

කටුකැලියාව දියබෙදුම මාර්ගයේ නිතර ගැවසෙන සද්දන්ත වන අලියෙකු නිසා එම මාර්ගයේ ගමන් ගන්නා ජනතාව අසීරුතාවට පත්ව ඇතැයි වාර්තා වේ.
 
මේ වන අලියා මාර්ගයේ ගමන් ගන්නා රථවාහන යතුරු පැදි පසු පස හඹා එන බවත්, මේ සතා එම මාර්ගයට පැමිණි පසු පැය දෙකතුනක් එහි රැඳී සිටින බවත් පැවසේ.
 
මේ සම්බන්ධයෙන් ජනතාව බලධාරීන් දැනුවත් කර ඇතත්, බලධාරීන්ගේ අවධානය මෙතෙක් යොමුව නොමැති බවද පැවසේ.
 
එම මාර්ගය දෛනික කටයුතු වෙනුවෙන් භාවිතා කරණ ජනතා ඉන් ඉතා අසරණව ඇතැයිද  හිගුරක්ගොඩ මින්නේරිය සහ කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයට පැමිණිමට ඇති කෙටිම මාර්ගය මෙය බවද පැවසේ.
 
සටහන හා ඡායාරූප - ඩබ්ලිව්.ඒ. පියතිලක 
Elephant
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top