Feb 13, 2017

ෆෝන් එළියෙන් ආණ්ඩුව පෙරළෙයිද?

දේශපාලන වෙනසක් ඉල්ලමින් රොමේනියාවේ බුකරෙස්ට් අගනුවර පැවත්වනු ලබන ජනතා උද්ඝෝෂණ ඊයේ (12) දිනයේ දී ද පැවැත්වුණි.
මේ වන විට බුකරෙස්ට් උද්ඝෝෂණ ඇරඹී දින 13කි. 
 
මෙම උද්ඝෝෂණ හමුවේ දූෂිත නිලධාරීන්ට හට ලැබෙන දඬුවම් ලිහිල් කිරීමට ගැනීමට ගත් තීරණය රොමේනියාවේ රජය විසින් මේ වන විට ඉල්ලා අස්කරගෙන තිබේ. කෙසේ වෙතත්, එම පියවර  ප්‍රමාණවත් නොවන බවට පවසන උද්ඝෝෂකයන් පවසා සිටින්නේ සමස්ථ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවයි.
 
ඊයේ දින සුවිශේෂී අංගයක් වූයේ උද්ඝෝෂකයන් විසින් පිළිඹිබු කරනු ලැබූ දැවැන්ත රුමේනියානු ධජයකි.
 
මෙම ධජය පිළිඹිබු කිරීමට ඔවුන් භාවිතා කර තිබුණේ රතු, නිල් හා කහ පැහැයේ කඩදාසි හා සිය ජංගම දුරකතන වල ෆ්ලෑෂ්ලයිට් ආලෝකයයි.
 
ඊට අමතරව විරෝධතාකරුවන් විසින් එරට අමාත්‍යවරුන් අපරාධකරුවන් ලෙස ද පෙන්නුම් කර තිබුණි.
 
මෙම අපූරු උද්ඝෝෂණයේ අවස්ථා කිහිපයක් විදෙස් මාධ්‍යවේදීන් ගේ කැමරා කාච වල සටහන් වූයේ මෙසේය.
 
(ඡායා : ඩේලිමේල්)
Romanian1 670px 13 02 17
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top