Feb 19, 2017

රතන හිමියෝ කුඹුරට බසිති !

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්යාහි මජිත් නගර් හි වස විසෙන් තොරව වී වගා කළ කුඹුරක අද (19) ගොයන් කැපීමේ මංගල්‍යකට එක්වූහ.

උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ මඟපෙන්වීම යටතේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ වස විසෙන් තොරව අක්කර 11,000ක වී වගාකර තිබේ.

මෙවර මේ ප්‍රදේශයේ වස විසෙන් තොරවී ගොවිතැන ඉතා සාර්ථක වී ඇත.

මේ මංගල්‍යට ත්‍රිකුණාමල දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී හා ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රියන්ත පතිරණ මහතා ද එක් විය.

වැඩි විස්තර පසුවට...

Rathanatero11

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top