Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Mar 08, 2017

බිමින් ඉඳන් උඩ ගිය බලු බබාලා!

බැලුම් සවාරියක් යමුද? මේ පොඩි බලු පැටවුන් නම් ඒ අදහසට අකමැති නැති හැටියි.

ඡායාරූප එකතුවක් ගැනීම සඳහා මේ අදහස පහළ වී ඇත්තේ රුසියානු ඡායාරූප ශිල්පිණියක් වන ආනා ඇවරියානෝවා හටය.

කුඩා කළ සිටම සතුන් ගේ ඡායාරූප ගැනීමට ප්‍රිය කළ ආනා වෘත්තිමය මට්ටමින් සත්ත්ව ඡායාරූප ගැනීමට ආරම්භ කර ඇත්තේ මීට සයවසරකට පමණ පෙරාතුවය.

මෙම ඡායාරූප සඳහා යොදාගෙන ඇත්තේ ආනා ගේ වෘත්තීය මිතුරෙතුගේ බලු පැටවුන් ය. තම අයිතිකරු ද ඡායාරූප ශිල්පියෙකු බැවින් ටෝයි ටෙරියර් විශේෂයට අයත් මෙම බලු පැටවුන් හට ඡායාරූප වලට පෙනී සිටීම අරුමයක් නොවේ.

බලු පැටවුන් දමා ඇති මෙම වට්ටි පාවෙන සේ දිස් වුවද, ඇත්ත වශයෙන්ම ඒවා ගුවනේ පාවෙන්නේ නැත.

“බැලුන් වලට මෙම බලුපැටවුන් උඩට උස්සන්න පුළුවන් වුනා නම් නියමයි. ඒත් ඒකට ගොඩක් ලොකු බැලුමක් ඕනවෙනවා. ඒ නිසා මම එහෙම පෙන්නන්න පුටුවක් හා තාක්ෂණික ක්‍රමවේද යොදාගත්තා," යැයි ආනා පවසයි.

උඩින් ගියත් බිම සිටියත් මෙම ඡායාරූප වල සුරතල් බවේ නම් කිසිඳු අඩුවක් නැත.

(ඡායා : ආනා ඇවරියානෝවා / කේටර්ස් නිවුස්)

Dogsbaloon

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top