nsb

Nov 01, 2016

මානසික සෞඛ්‍යය ගැන කියන හයිඩි ගේ ආර්ට් තෙරපි

ඉතා රමණීය පරිසරය වලදී ගත් හයිඩි විලියම්ස් ගේ යෝගා ඡායාරූප සැබවින්ම මනරම්ය.

වේදනාවෙන් පිරුණු කතාපුවතකින් ඇරඹුනු මෙම සුන්දර ඡායාරූප මගින් හයිඩ් විලියම්ස් සමාජයට ලබාදීමට උත්සහ කරන්නේ මානසික සෞඛ්‍යය පිළිබඳ වැදගත් පණිවිඩයකි.

වසර 2013දී ඇගේ ළදරු පුතණුවන් වන සයිලාස් හදිසියේ හුස්ම ගැනීම නතර කළ අතර, ඔහුව ප්‍රකෘති තත්ත්වයට ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත. සයිලාස් යළිත් සුව වුවත්, එම බියකරු මතකය හේතුවෙන් හයිඩි මානසික රෝග කිහිපයකට ගොදුරු විය.

මාස ගණනාවක් පුරාවට මානසික රෝග වලින් පීඩා ලැබීමෙන් පසුව වෛද්‍ය උපදෙස් පැතූ හයිඩි ට දැනගැනීමට ලැබුනේ ඇය විශාදයෙන් (Depression), සාංකාවෙන් (Anxiety) හා පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතායෙන් (PTSD) පෙළෙන බවයි. මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබන අතරම විනෝදාංශයක් ආරම්භකිරීමට ද හයිඩි තීරණය කළාය. ඇය යෝගා ආරම්භ කිරීමට තීරණය කළේ එලෙසයි.

යෝගා පන්තියකට ගිය පළමු දිනය ගැන හයිඩි සිහිකරන්නේ මෙලෙසිනි.

“මාස 18කින් පස්සෙ මං ජීවත්වෙනවා කියලා දැනුන පළවෙනි දවස එදා… මං හිතුවෙ මට මාව නැතිවුනා කියලා,”

ආර්ට් තෙරපි

මානසික සෞඛ්‍යය යනු බහුතරය විසින් විවෘතව සාකච්ඡා කිරීමට මැලි වන මාතෘකාවකි.

මේ වන විට වෙනත් අයටද යෝගා උගන්වන හයිඩි, මානසික සෞඛ්‍ය පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිය යෝගා ඡායාරූප පළ කරයි. එමගින් වෙනත් බොහෝ අයටද ධෛර්යය ලබාදුන් බව ඇය කියයි.

“මං මගේ කතාව ඉන්ස්ටර්ග්‍රෑම් වල පළ කළා. එතකොට ගොඩක් අය කිව්වෙ මිනිස්සු වැඩිපුර මේ ගැන කතාබහ කරන්නෑ කියලා. මට ඔවුන්ව දැනුනා. මම දිගටම මෙම ඡායාරූප පළ කළා. එම ඡායාරූප මගේ ම ‘ආර්ට් තෙරපි’ එකක් වුනා.”

කිසිවෙකු මානසික රෝග වලින් පීඩා විඳියි නම්, ප්‍රතිකාර කිරීම මගින් විශාල වෙනසක් අත්කරගත හැකි බවත්, මානසික රෝගී තත්ත්වයක් වනු තනියෙම විඳවිය යුත්තක් නොවන බවත් ඇගේ ඇය ස්ථිර වශයෙන් ම කියා සිටියි.

හයිඩි ගේ අපූරු යෝගා ඡායාරූප කිහිපයකි මේ :

-ශානි-

(ඡායා : හෆින්ටන් පෝස්ට්)

mentalhealth

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top