nsb

Mar 27, 2017

බ්ලොග්කරුවන් පුදන නෙළුම්යාය පූදියි!

පසුගිය දෙවසර තුළ මෙරට බ්ලොග්කරුවන් ගේ දස්කම් ඇගයූ නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල යළිත් පැවැත්වුණි.

පසුගියදා 25 වැනිදා බත්තරමුල්ල වෝටර්ස්ඒජ් හි පස්වරු 3 සිට 7 දක්වා පැවැත්වුණු මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරු ජයසූරිය, සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න සහ ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සම්භාවනී අමුත්තන් රැසක් සහභාගී විය.

වසරේ හොඳම බ්ලොග් අඩවිය ප්‍රථම, දෙවන හා තෙවන ස්ථානය සඳහා පිළිවෙලින් මුදලින් රුපියල් 15000, 10000 හා 5000 බැගින් පිරිනැමුණ අතර, සිවුවැනි සහ පස්වැනි ස්ථාන වලට නෙළුම් යාය සම්මාන හිමිවිය.

මෙවර නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙලේදී ප්‍රධාන කාණ්ඩ 21 ක් පිළිබඳ සලකා බැලුනු අතර, හොඳම බ්ලොග් අඩවිය (සිංහල/දමිල/ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන) වලට අමතරව අධ්‍යාපනය, ඉතිහාසය, කාලීන සංවාද, කෙටිකතා, දේශපාලන, පරිවර්තන, ප්‍රහසන, ප්‍රබන්ධ, විද්‍යා ප්‍රබන්ධ සහ තාක්ෂණය, සංගීතය, සංචාරක සහ ඡායාරූපකරණය, කවි සහ සාහිත්‍ය විමර්ශන යන මාතෘකා යටතේ ලියැවෙන බ්ලොග් අඩවි සඳහා ද සම්මාන පිරිනමනු ලැබුණි.

වසරේ හොඳම බ්ලොග් අඩවිය සිංහල

පළමු ස්ථානය - නිදහස් සිතුවිලි බ්ලොග් අඩවිය - රවී වීරසිංහ

සම දෙවන ස්ථානය - සොඳුරු සිත බ්ලොග් අඩවිය - වත්සලා උපමාලි , යාංහෑල්ල බ්ලොග් අඩවිය - රංජිත් සුරංග ලියනගේ

තෙවන ස්ථානය - ඉකොනොමැට්ටාගේ බොජුන්හල බ්ලොග් අඩවිය
 
වසරේ හොඳම බ්ලොග් අඩවිය දෙමළ - සුගා එලිසබෙත් බ්ලොග් අඩවිය - තංගරාජ් එලිසබෙත්
 
වසරේ හොඳම බ්ලොග් අඩවිය ඉංග්‍රීසි - සුභා විජේසිරිවර්ධන බ්ලොග් අඩවිය - සුභා විජේසිරිවර්ධන
 
බ්ලොග් ප්‍රවර්ධනය වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන සම්මානය - අසමි දකිමි සොයමි විචාරක බ්ලොග් අඩවියේ ඩබ්.ජේ.එම්. ගුණරත්න
 
සම්මාන ලබාදුන් සෙසු අංශ
    වසරේ හොඳම බ්ලොග් ලිපිය - 'අතීත කාමය' තරග අංශය
    වසරේ හොඳම බ්ලොග් ලිපිය - 'අධ්‍යාපන' තරග අංශය
    වසරේ හොඳම බ්ලොග් ලිපිය - 'ඉතිහාසය' තරග අංශය
    වසරේ හොඳම බ්ලොග් ලිපිය - කාලීන සංවාද' තරග අංශය
    වසරේ හොඳම බ්ලොග් ලිපිය - 'කෙටි කථා' තරග අංශය
    වසරේ හොඳම බ්ලොග් ලිපිය - 'දේශපාලන' තරග අංශය
    වසරේ හොඳම බ්ලොග් ලිපිය - 'පරිවර්තන' තරග අංශය
    වසරේ හොඳම බ්ලොග් ලිපිය - 'ප්‍රහසන' තරග අංශය
    වසරේ හොඳම බ්ලොග් ලිපිය - ‘බ්ලොග් නවකතා' තරග අංශය
    වසරේ හොඳම බ්ලොග් ලිපිය - 'විද්‍යා ප්‍රබන්ධ' තරග අංශය
    වසරේ හොඳම බ්ලොග් ලිපිය - 'විද්‍යා හා තාක්ෂණ' තරග අංශය
    වසරේ හොඳම බ්ලොග් ලිපිය - 'විවිධාංග' තරග අංශය
    වසරේ හොඳම බ්ලොග් ලිපිය - 'සංගීතය' තරග අංශය
    වසරේ හොඳම බ්ලොග් ලිපිය - 'සංචාරක හා ඡායාරූප' තරග අංශය
    වසරේ හොඳම බ්ලොග් ලිපිය - 'කාව්‍ය නිර්මාණ' තරග අංශය
    වසරේ හොඳම බ්ලොග් ලිපිය - 'සාහිත්‍ය කලා විචාර' තරග අංශය

සබැඳි පුවත් :

බ්ලොග්කරුවන් පුදන නෙළුම්යාය යළි පූදියි!
Nelumyayapic

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top