May 03, 2017

එළියෙන් අඳින සිත්තරා

ෆින්ලන්තයේ කලාකරුවෙකු වන Hannu Huhtamo සිත්තරෙකි. එහෙත් ඔහු තීන්ත වෙනුවට භාවිතා කරනුයේ ආලෝකයයි.

Long exposure ඡායාරූප ගැනීමට සූදානම් කළ කැමරා ඉදිරියේ ඔහු සිය නිර්මාණකරණයේ යෙදෙන්නේ කැමරා ඉදිරියේ ආලෝක උපාංග විවිධ රටා වලට හසුරැවමිනි.

මෙවැනි නිර්මාණයක් කිරීමට ඔහුට විනාඩි කිහිපයක සිට පැය කිහිපයක් දක්වා ගතවේ.

සිය නිර්මාණ පිළිබඳව ඔහු සරල ලෙස විස්තර කරන්නේ මෙසේය. “අඳුර මගේ කැන්වසයයි. ආලෝකය මගේ පින්සලයි.”

මොහු මෙම නිර්මාණ සිදුකරන අයුරු පහත වීඩියෝවෙන් දැක්වෙන අතර, ඔහු ගේ අපූරු නිර්මාණ කිහිපයක් ද පහත දැක්වේ.

(වීඩියෝ : යූටියුබ් / ඡායා  : magmaprojects.org)

Lightpaintings1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top