nsb

Nov 09, 2016

LIBERADO විලාසිතා කලඑළි දකී

සීමා මායිම් බිඳ දමිමින් නිදහස් විලාසිතා සංස්කෘතියක් කරා යන තේමාව පදනම් කරගනිමින් තරුණ තරුණියන්ගේ ජීවන රටාව සමඟ එකට ගමන් ගන්නා නවතම විලාසිත පෙළක් LIBERADO සන්නම් නාමය යටතේ කලඑළි දැක්වීම පසුගිය 29 වන සෙනසුරාදා, කොළඹ 02, Excel World හිදි සිදුවිය.

උදෑසන සිට ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් සඳහා විලාසිතා අලෙවි කිරීම සිදුවූ අතර, ඇඳුම් මිලදී ගැනීම සඳහා යෞවන යෞවනියන් විශාල ප්‍රමාණයක් සහභාගී විය.

එදින සන්ධ්‍යාවේදී පැවැති විලාසිතා දැක්ම කාගෙත් අවධානයට යොමු වූ අතර, භද්‍ර යෞවන යෞවනියන් රාශියකගේ සහභාගිත්වයෙන්, සිත්ගන්නා කාණ්ඩ හතරක් යටතේ විලාසිතා ප්‍රදර්ශනය පැවැත්විණි.
සිත්ගන්නා වූ නවීන ලෝකයට සරිලන ඇඳුම් වර්ග 36ක් නිර්මාණය කර තිබිණි.

LIBERADO සන්නම් නාමය යටතේ මෙම ඇඳුම් නිර්මාණය කර ඉදිරිපත් කරන ලද්දේ හසිත් සූරියප්පෙරුම මහතා විසිනි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හසිත් සූරියප්පෙරුම මහතා කියා සිටියේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ ජීවන රටාවට සරිලන සීමාමායිම් වලින් තොර වූ විලාසිතා මාලාවක් ඉදිරිපත් කිරීම තම අරමුණ වූ බවයි.

ඉදිරියේදී තවත් නිර්මාණ විලාසිතා මාලාවක් ඉදිරිපත් කිරීමටත් නිදහස් විලාසිතා සමාජ ජාලයක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම සියලු ඇඳුම් වර්ග www.librado.lk වෙබ් අඩවිය ඔස්සේ මිලදී ගත හැකි අතර, www.facebook/librado ඔස්සේ සමාජ ජාලයට එක්විය හැක.

Liberado1 600px 16 11 09

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top