Jun 07, 2017

විස්මිත නෞකා සොහොනක්(ඡායා)

නාවික ආරක්ෂාව සහ වෙළඳ කටයුතු වර්ධනය කරගැනීමේ අරමුණින් බෝහෝ රටවල් දැවැන්ත නෞකා අත්පත් කරගැනීමේ උනන්දුවකින් පසුවෙයි.

නමුත් බොහෝ රටවලට අත්පත් කර ගැනීමට පවා සිතිය නොහැකි අන්දමේ අති විශාල දැවැන්ත නෞකා එක් රටක වෙරළ තීර කිහිපයක දිරා යමින් පවතින බව වාර්තා වේ.

1950 වසර වනවිට මෙම නෞකා ප්‍රමාණය 2000ක් ලෙස වාර්තා වේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව දැවැන්ත නෞකා මධ්‍යස්ථාන කිහිපයක් පවත්වාගෙන යාමට ඇමරිකාව විසින් තීරණය කර ඇති අතර ඒ සඳහා ස්ථාන 8ක් තෝරා ගැනීමටද ඔවුන් කටයුතු කර තිබේ.වර්ජිනියාව, කැලිෆෝනියාව, නිව්යෝර්ක්, ඇලබාමා, ඔරිගන්, ඔලිම්පියා සහ වොෂින්ටන් එම ස්ථාන වශයෙන් සඳහන් වේ.

ඇමරිකාවේ ජාාතික ආරක්ෂක බලගනය යටතේ ඉදිරි ආරක්ෂාව සඳහා වෙන්කර තිබූ මෙම නෞකා අදවන විට භාවිත නොකළ නෞකා වශයෙන් හඳුනා ගැනීමට නොහැකි ආකාරයේ අබලන් තත්ත්වයේ පසුවෙයි.

මේවායින් ඇතැම් නෞකාවන් යුධ සහ වෙළඳ කටයුතු සඳහා භාවිත කර තිබුණද තවත් බොහෝ නෞකාවන් කිසිදු මෙහෙයුමකට දායක කරගෙන නොමැති බවද වාර්තා වේ.

දශක ගණනාවකට පසුව අද වන විට මෙම නෞකාවන් එම වෙරළ කලාපය තුළ දිරාපත් වෙමින් මුහුදේ ගිලෙමින් පවතියි.

මෙහි කේමන් දූපත් ආශ්‍රිතව නෞකා 340ක් පමණ පවතින අතර මේ අතර ගුවන් යානා ප්‍රවාහනය කරන දැවැන්ත නෞකාද මේ අතර වේ.

මෙම යානා මුහුදට දිරාපත් වෙමින් තිබෙන බැවින් අදාල මුහුදු කලාපයට එක්වන යකඩ සහ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් මුහුදු ජීවින් ඇතුලුව එම මුහුදු කලාපය විනාශයට පත්වෙමින් තිබෙන බවද අනාවරණය කරගෙන තිබේ.

මෙහි තිබෙන දැවැන්තම නෞකාව මීටර 300කට වඩා දිගින් යුක්ත වන අතර අනෙක් නෞකාවන්ද මීටර 200ට වඩා විශාලත්වයකින් යුක්තය.

මේ නෞකාවන් මෙතෙක් භාවිත නොකිරීමට අදාල හේතුවක් අනාවරණය වී නොැමැති අතර මෙම නෞකාවන් බොහෝ රටවලට හිමි නොවන මට්ටමේ ඒවා වීමද විශේෂත්වයකි.

national defense reserve fleet 12

national defense reserve fleet 22

national defense reserve fleet 32

national defense reserve fleet 52

national defense reserve fleet 65

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top