Jun 10, 2017

චීනයේ තැනුනු සැබෑ නෙඵම් පොකුණ(ඡායා)

චීනයේ වෝලින්හි ලෝටස් බිල්ඩින් නමින් ඉදි කර ඇති මෙම ගොඩනැගිල්ල ජලාශයක් මධ්‍යයට සම්බන්ධ කරමින් නිර්මාණය කර තිබේ.

නෙඵම් මලක් පිපී ඇති ආකාරයට සකස් කර තිබෙන මෙම ගොඩනැගිල්ල අතිශය නිර්මාණශීලී එකක් බවටද වාර්තා වේ.

වෝලින් මධ්‍යස්ථානය චීන ප්‍රාන්ත රජයට අයත් එකක් වන අතර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ සැසිවාර පැවැත්වීමේ අරමුණින් නිර්මාණය කර තිබේ.

නෙඵම් මලෙහි පෙති මගින් ආලෝකය නිකුත් වන පරිදි අතිශය සුන්දර අයුරින් මෙම ගොඩනැගිල්ල නිර්මාණය කර තිබේ.

මහල් 5කින් සමන්විත මෙම ගොඩනැගිල්ල කොටස් 2කින් යුක්තවන අතර එම කොටස් දෙකම නෙඵම් මල් පෙතිවලින් ආවරණය කර තිබේ.

මෙම ගොඩනැගිල්ලේ අභ්‍යන්තරය ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍යවලින් සකස් කර තිබේ.
මෙම ගොඩනැගිල්ල සඳහා පුනර්ජනනීය බලශක්තිය භාවිත කෙරෙන අතර වැඩි වශයෙන් බල ශක්තිය ලබා ගනු ලබන්නේ සූර්ය ශක්තිය මගිනි.

ඔස්ටේ්‍රලියානු ස්ටූඩියෝ505 ආයතනය මෙම නිර්මාණයෙහි සැලසුම්කරුවන් වේ. ගොඩනැගිල්ලෙහි අවට කලාපය අතිශය සුන්දර උද්‍යානයක් බවත් සඳහන් වේ. නගර පරිපානයට අනුව මෙම ගොඩනැගිල්ල ඉදි කිරීමේ අරමුණ වන්නේ නගරය ජාත්‍යන්තරයේ ආකර්ෂණයට ලක් කිරීමය.

කෙසේ වුවද මෙම නෙඵම් මල් ගොඩනැගිල්ල විශාල සංචාරක ආකරෂණයකට පත්ව ඇති එකක් ලෙසද වාර්තා වේ.

01

02

03

04

05

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top