15976 BM WEB BANNER 01
Jun 19, 2017

ඔරිගාමී බොන්සායි

කඩදාසි නැවීමේ ජපන් කලාව වන ඔරිගාමි, අදටත් ජපන් ජාතිකයන් ගේ ජීවිත වලට ඉතා සමීප කලාවකි.

ජපන් ජාතිකයෙකු වන නඔකි ඔනොගාවා මෙම කලාව මීළඟ තලයට ගෙනගොස් ඇත්තේ මෙලෙසයි.

ඔරිගාමි කලාවේ ජනප්‍රිය නිර්මාණයක් වන කොකා ගේ කුඩා අනුරූ දහස්ගණනක් සාදමින් ඒවා යොදාගෙන බොන්සායි නිර්මාණ සිදුකිරීමට නඔකි කටයුතු කර තිබේ.

හිරෝෂිමා නගරයට හෙළු පරමාණු බෝම්බයේ විකිරණ වලට හසුවී ලියුකේමියාව වැළඳුනු සසකි සදාකෝ නම් දැරිය වරමක් ලැබීමේ අටියෙන් කඩදාසි කොක්කු 1000ක් සෑදීමේ කතාපුවත ඇසුරෙන් මෙම නිර්මාණය සිදුකර තිබේ.

නඔකි සිය නිර්මාණ පිළිබඳව අදහස් දක්වන්නේ මෙලෙසිනි.

“ස්වභාවධර්මයේ එක් සංකේතයක් වන වෘක්ෂ තුළ සියළු ස්වභාවික දෑ වල පවතින එක්තරා ආකාරයේ ජීව බලවේගයක් පවතින අතර, මාගේ සියළු කලානිර්මාණ වලින් එම බලවේගය පෙන්වීමට මම උත්සහ කරමි. ඔබටත් එම බලවේගය දැනෙනු ඇතැයි අපේක්ෂා කරමි,” යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

(බෝර්ඩ් පැන්ඩා)

origami cranes bonsai trees naoki onogawa 1 5943cbb9a0244 880

origami cranes bonsai trees naoki onogawa 2 5943cbbbbfbcd 880

origami cranes bonsai trees naoki onogawa 3 5943cbbd82f59 880

origami cranes bonsai trees naoki onogawa 4 5943cbbf8eab0 880

origami cranes bonsai trees naoki onogawa 5 5943cbc2b2229 880

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top