Jun 27, 2017

පිළිම නෙ‍ාවන පිළිම

සත්ත්ව ප්‍රතිමාවන්

තායිවානයේ ටයිපේ සත්ත්ව උද්‍යානයේ සජීවී සත්ත්වයින්ට අමතරව සත්ත්ව ප්‍රතිමාවන් දැක ගැනීමට හැකිය. 

පොළොවෙන් උඩට මතු වී තිබෙන මෙම සත්ත්ව ප්‍රතිමාවන් ජීවී සත්ත්වයන්ට වඩා ආකර්ශනීය බව සංචාරකයින්ගේ අදහසයි

සංචාරකයා

සංචාරකයා නිර්මාණශීලී ප්‍රතිමාවද ලොව විශිෂ්ටතම නිර්මාණයකි. 

බෲනෝ කැටලානෝ නැමැති ප්‍රංශ කලාකරුවා විසින් නිර්මාණය කරන ලද මෙය බෑගයක් අතෙහි ගෙන සිටින සංචාරකයෙකුවන අතර සංචාරකයාගේ ශරීර අභ්‍යන්තරය හිස්ව පැවතීම විශ්මයජනකය.

නිදහස

පෙනින්සියුලාවේ ඉදි කර තිබෙන නිදහස සංකේතවත් කරන ප්‍රතිමාවන්ද ලොව ආකර්ශනීය ප්‍රතිමාවන් ගණයට වැටේ.

ඔබ සිරවී සිටින රාමුවෙන් පිටතට ගොස් ජීවිතයේ නිදහස අත්විඳින්න යන පණිවුඩය අර්ථවත් කරන මෙම ප්‍රතිමාවන් විශිෂ්ට නිර්මාණයක් බවට කිසිදු සැකයක් නොමැත.

මැජික් ජල කරාමය

ස්පාඥ්ඥයේ පිහිටා තිබෙන මැජික් ජල කරාමයෙන් නිරන්තරයෙන්ම ජලය කඩා හැලුණද එය දුටුවෙකුට ඇති වන්නේ කුතුහලයකි. එයට හේතුව වන්නේ එම ජල කරාමය අහසෙහි පාවෙමින් තිබෙන්නක් වීම නිසාය.

මෙම ජල කරාමය දහර තුල සැඟවී ඇති නලයක් මඟින් පොළොවට සම්බන්ධ වී තිබේ.

මිහායි එමිනේසු

රොමේනියාවේ විසු අසහායි කවියෙකුවූ මිහායි එමිනේසුගේ මුහුණෙහි ඡායාරූපයක් නිර්මාණශීලී අයුරින් ප්‍රතිමාවට නගා ඇති අතර එය ඇතැම් විට පෙනෙන්නේ වලාකුළු මත ඇඳි සිතුවමක් අයුරින්වීම විශේෂත්වයකි.

එල්ලෙන මිනිසා

චික් ජනරජයේ ප්‍රාග් අගනුවර පිහිටා ඇති මෙම ප්‍රතිමාවේ සිටින්නේ සිග්මන් ෆ්‍රොයිඩ්ය.

1996 වසරේ නිර්මාණය කරන ලද මෙම ප්‍රතිමාවේන් නිරූපණය කරන්නේ 20වන ශතවර්ෂයේ පැවති බුද්ධිවාදයයි.

ජල ඔරුවක බැස සිටින කාන්තාවක්

ජර්මන් ජාතික කලාකරුවෙකුවූ ඔලිවර් පස්ගේ අපූරු නිර්මාණයක්වන මෙය අඩි 13ක උසකින් සහ අඩි 99ක දිගකින් යුක්තවන අතර මෙය ඉදිකර තිබෙන්නේ යකඩ සහ ෆෝම් භාවිතයෙනි.

එය ජර්මනියේ හැම්බර්ග්හි පිහිටි අලංකාර ජලාශයක් මධ්‍යයේ ඉදි කර තිබේ.

නෙල්සන් මැන්ඩලා

මෙම ප්‍රතිමාව නිර්මාණය කර තිබෙන්නේ දකුණු අප්‍රිකානු කලාකරුවෙකු වූ මාකෝස් සෙයින් කැනේලි විසිනි.

ඒ නෙල්සන් මැන්ඩෙලා සිරගතකොට තිබීමේ 50වන සංවත්සරය සැමරීමටය. 

දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා අත්අඩංගුවට ගත් ඔවිට් නැමැති ප්‍රදේශයෙහි මෙය නිර්මාණය කර තිබේ.

නිවැරදි දිශාවෙන් බැලූ විට නෙල්සන් මැන්ඩෙලාගේ රුව පෙනෙන පරිදි මෙය සකස් කර තිබෙන්නේ තීරු 50ක් භාවිතයෙන් වීම විශේෂත්වයකි.

img120160803085427686 800

8 catalano marseille lightbox

Freedom2

Captura de pantalla 2017 01 24 a las 5.50.46 p

535775dacc5778affeda2b1668fe1da9

the hanging man 072215103651

ff0a2e123f733fd4great

file 1386836073

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top