Jul 07, 2017

ජපන් ගංවතුර තත්ත්වය (ඡායා)

ජපානයට බලපා ඇති ගංවතුර තත්ත්වය තවමත් පහව ගොස් නැති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

අද දිනයේදීත් ජපානයේ දකුණු ප්‍රදේශයට අධික වැසි ලැබෙමින් පවතින බව පැවසේ.

ආපදා සහන නිලධාරීන් මියගිය පුද්ගලයන් සිවුදෙනෙකුගේ මල සිරුරු මේවන විට සොයාගෙන ඇති බව පැවසෙන අතර ඒ අනුව ගංවතුර නිසා මියගිය පිරිස 06 දක්වා ඉහලගොස් අති බවද වාර්තා වේ.

ඊට අමතරව තවත් 20 දෙනෙකු පමණ අතුරුදහන්ව ඇතැයි ද පැවසේ.

දහස් ගණනක පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීමටයි ජපාන බලධාරීන් පියවර ගෙන ඇති බවද එරට වාර්තාවල දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top