Jul 13, 2017

පිපෙන තේ

තේ යනු ශ්‍රී ලාංකිකයන් හදවතට ඉතා සමීප පානයකි.  මෙරට පමණක් නොව ලොව පුරාවට තේ පානය කලාවක් බවට පත්වී ඇත්තේ එහි අතිජනප්‍රියත්වය හේතුවෙනි.

තේ පානය ආරම්භය සනිටුවහන් වන්නේ චීනයෙනි. විවිධාකාරයේ තේ වර්ග ඇති චීනයේ තේ යනු සංස්කෘතියකි. කාර්යබහුල ජීවිතයට මද විරාමයක් ලබාදෙන ඔසුවකි. එබැවින් විවිධාකාරයේ චීන තේ අලෙවි කරන තේපැන් හල් වලට එරට සමාජය තුළ හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

චීනයේ බහුලව පානය කරනු ලබන්නේ කොළ පැහැ තේ (ග්‍රීන් ටී) ය. එහෙත් ඊට වෙනස් ආකාරයේ තේ වර්ගයක් අත්විඳීමට චීනයේ ෂැංහායි නුවරදී අපට හැකි විය.

ඒ, තේ සුවඳ හා රසයට අමතරව නෙත ද පිනවත තේ වර්ගයකි.  බ්ලූමින් හෝ ෆලවරින් (Blooming Tea / Flowering Tea) ලෙස හැඳින්වෙන මෙය බැලූ බැල්මට වියළි දුඹුරු බෝලයක් ලෙස දිස්වේ.

Tea1

Tea2

Tea3

Tea4

TeaSP

මල් හා තේ කොළ යොදාගෙන සාදා ඇති මෙහි විශේෂත්වය වන්නේ උණු වතුරට දැමූ විට මලක් මෙන් විකසිත වීමයි.

ෂැංහායි නුවර පැරණිතම තේ අවන්හලක් වන මෙහි සාම්ප්‍රදායික තේ වර්ග වලට අමතරව ඔවුන්ටම සුවිශේෂී වූ තේ මිශ්‍රණ මෙන්ම තේ කලාව හා බැඳුනු වෙනත් බොහෝ දෑ ද දක්නට ලැබුණි.

Tea5

Tea6

Tea7

Tea8

Tea9

Tea10

Tea11

Tea12

(සටහන හා ඡායා : ශානිකා ජයසේකර)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top