Nov 15, 2016

ලොවට පෑයූ සුපිරි හඳේ සිරි

වසර 68කට පසුව පෘථිවිවාසීන්ට දක්නට ලැබුනු ‘සුපර් මූන්’ අවස්ථාව ඊයේ (14) උදාවිය.

වැසිබර කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශ වලට මෙම චන්ද්‍රයා දිස් නොවුවද, මෙම සුවිශේෂී අවස්ථාව දැකබලා ගැනීමට ලොවපුරා ජනතාව එළිමහන් ස්ථාන, ප්‍රසිද්ධ සන්ධිස්ථාන හා උස් ගොඩනැගිලි වල ඉහළම මහල් වෙත රැස්වී තිබුණි.

පෘථිවිය සහ චන්ද්‍රයා අතර සාමාන්‍ය දුර කි.මී 384,400 පමණ වේ. කෙසේවුවද සුපිරි හඳක් දිස්වන ලබන නොවැම්බර් 14 වැනිදා චන්ද්‍රයා සහ පෘථිවිය අතර දුර කි.මි. 356,509 ක් පමණ වේ.

මෙම අවස්ථාවේදී චන්ද්‍රයා 14% ක ප්‍රමාණයකින් විශාලව දිස්වන අතර 30% ක ප්‍රමාණයකින් දීප්තිය වැඩිවී දැකගත හැකි බව පැවසේ.

මින් පෙර මෙවැනි අවස්ථාවක් සිදුවී ඇත්තේ 1948 වසරේදී වන අතර නැවතත් මෙවැනි සුපිරි සඳක් පෘථිවිවාසීන්ට දැකගත හැකි වන්නේ 2034 නොවැම්බර් මස 25 වැනිදා බව විද්‍යාඥයන් පවසයි.

ලොව පුරා විවිධ නගර වල මෙම ‘සුපර් මූන්’ අවස්ථාව දිස්වූ අයුරු පහත දැක්වේ.

සිඩ්නි නුවර Harbour Bridge (Reuters)


සඳ අසලින් හීත්‍රෝ ගුවන්තොටුපල වෙත පියාසර කරන ගුවන්යානයක් ©Adrian Dennis (AFP/File)

ඉන්දුනීසියාවේ Banda Aceh හි පල්ලියකට ඉහළින් පෑයූ සුපර් මූන් (AFP)

හොංකොං හි දී ©Anthony Wallace (AFP)

මියන්මාරයේ ශාන් ප්‍රාන්තයට ඉහළින් ©Ye Aung Thu (AFP)

තායිවානයේ Taipei 101 ගොඩනැගිල්ලට ඔබ්බෙන් ©Sam Yeh (AFP)

වියට්නාමයේ හැනොයි අගනුවර ඔපෙරා ශාලාවට ඉහළින් (AP Photo/Hau Dinh)

කසක්ස්තානයේ පිහිටි Soyuz MS-03 අභ්‍යවකාශය යානයට ඔබ්බෙන් (AFP PHOTO / Kirill KUDRYAVTSEV)

චීනයේ යින්චුවාන් හි Binhe Yellow River Bridge ට දිස්වූ සුපර්මූන් (CNN)

ග්‍රීසියේ ඇතන්ස් නුවරදී (CNN)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top