Aug 07, 2017

බලු සර්ෆින් (වීඩියෝ)

සර්ෆින් (surfing) හෙවත් රළ මත ලිස්සා යාම යනු ඇමෙරිකාවේ කැලිෆෝනියානු ප්‍රාන්තයේ අතිජනප්‍රිය ක්‍රීඩාවකි.

කැලිෆෝනියානු වැසියන් ගේ ජීවිත වලට ඉතා සමීප මෙම ක්‍රීඩාවට හවුල් වූ මිනිසාගේ හොඳම මිතුරා ලෙස සැලකෙන සුනඛ සුරතලුන් පිරිසක් පිළිබඳ පුවතක් උතුරු කැලිෆෝනියාවෙන් වාර්තා වේ.

එම පුවත වාර්තා වූයේ සුනඛයන් වෙනුවෙන් වූ ලෝක සර්ෆින් ශූරතාවය (World Dog Surfing Championships) දෙවැනි වරටත් පැවැත්වීමත් සමගයි.

මෙම තරගය නැරඹීමට විශාල පිරිසක් ද එක්ව සිටි අතර, රළ මත ලිස්සා යන අකාරය හා සර්ෆින් ලෑල්ල මත නැගී සිටීමට හැකි වන කාලය ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගෙන ඔවුන්ට ලකුණු ලබාදී තිබුණි.

මෙම අපූරු තරගයේ අවස්ථා කිහිපයක් ඇතුළත් ඡායාරූප හා වීඩියෝවකි මේ.

(ඡායා : ද ක්‍රොනිකල් / වීඩියෝව : බීබීසී)

1024x1024

1

5

6

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top