Aug 12, 2017

මදනලේ පැටළුනු ඇගේ හැඳිවත (ඡායා)

සුන්දරත්වය සරලත්වය හා බැඳී පවතින අවස්ථා බොහෝය.

රුසියාවේ මොස්කව් නුවර ක්‍රිස්ටීනා මකීවා මෙම සුන්දරත්වය දකින එක් කෝණයකි මේ. ලොව මනබඳින ස්ථාන වල සිටින, ගවුමකින් සැරසුනු තරුණ ලඳුන් ගේ රැව සිට කැමරා කාචයේ සටහන් කරගන්නා ඇය, මෙම සුන්දරත්වය හා සරලත්වය ලොවට මවා පෙන්වීමට උත්සහ කරන්නීය.

මේ සම්බන්ධයෙන් ක්‍රිස්ටීනා අදහස් දක්වා සිටින්නේ මෙසේය.

“ගවුමකින් සැරසුනු තරුණ කාන්තාවක් කියන්නේ ලෝකයේ සුන්දරම දෙයක් කියලයි මට හිතෙන්නේ. සිත්බඳින පසුබිමක සිටින එවැනි කාන්තාවක ගේ රුව සංවේදී සිත්වලට විශාල සතුටක් එක්කරනවා. ගවුමක් හැඳගත් තරුණ කතක් ඉදිරියට දිවයනකොට ඇති වන සුළං රැල්ලේ පැටලී ඇගේ ගවුමෙන් මැවෙන රටා තරම් සුන්දර දෙයක් තවත් නැහැ කියලයි මට නම් හිතෙන්නෙ. ඒක හරිම අපූරු දෙයක්. මේ නිසා, මිතුරන් හා යන විනෝද ගමන් වලදී දකින ලස්සන දසුන් වලට ගැලපෙන ගවුම් සොයා, නිරූපිකාවන් සරසා නිර්මාණ සිදුකරන්න මං උත්සාහ කරනවා,” යැයි ඇය පවසයි.

ලොව විවිධ ස්ථාන වලදී ඇය දුටු මෙම සුන්දරත්වය ඇගේ කැමරා කාචයේ සටහන් වූ අයුරු පහත දැක්වේ.

(ඡායාරූප : බෝර්ඩ් පැන්ඩා)

What could be more beautiful than our world Only girls in dresses against the background of our world 598baba1df6d8 880

ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය. නිරූපණ ශිල්පිණිය - Vera Brezhneva

6U8A2118

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර කැතීඩ්‍රල් පල්ලිය.  නිරූපණ ශිල්පිණිය - Aygul

What could be more beautiful than our world Only girls in dresses against the background of our world 598ba25ee3b0e 880

කැපාඩොෂියා, තුර්කිය. නිරූපණ ශිල්පිණිය - Katya Zaytseva

What could be more beautiful than our world Only girls in dresses against the background of our world 598bac30f1006 880

ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි ජාතික ඔපෙරා ශාලාව. නිරූපණ ශිල්පිණිය - Vera Brezhneva

What could be more beautiful than our world Only girls in dresses against the background of our world 598ba0bb0e1cb 880

අයිෆල් කුළුණ, ප්‍රංශයේ පැරිස් අගනුවර : නිරූපණ ශිල්පිණිය - Vera Brezhneva

What could be more beautiful than our world Only girls in dresses against the background of our world 598baa2fb0717 880

ප්‍රංශයේ වෙලොන්සෝල් ප්‍රදේශය. නිරූපණ ශිල්පිණිය - Svetlana

What could be more beautiful than our world Only girls in dresses against the background of our world 598bad48a0fc7 880

රුසියාවේ මොස්කව් නුවර බොල්ෂෝයි රඟහල. නිරූපණ ශිල්පිණිය - Darian

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top