15976 BM WEB BANNER 01
Aug 17, 2017

දියවරට දිවිදුන් ලාංකේය දේවත්වය 'කාල'

කලාවැවේ උප්පත්තිය ගැන නිර්මාණය වු අපූර්ව සිනමා නිර්මාණය ‘කාල’ සම්මානනීය කලා අධ්‍යක්ෂවරයෙක් සහ සම්මානනීය කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන සුජීව ගුණරත්නගේ පළමු  සිනමා වියමනයි.

ඉතිහාස කතා සම්ප්‍රදායේ නවමු සිනමා අත්දැකීම ‘කාල’ සිනමා කෘතියේ මාධ්‍ය දැක්ම  ඊයේ (16දා)  බොරුල්ල ලිඩෝ සිනමා ශාලාවේදී තිරගතවිය.

ධාතුසේන රජු සොළීන් පරදවා රට එක්සේසත් කර පාලනය ගෙන ගිය කාලසීමාවේ කලා වැව නිර්මාණය කිරීම මෙන්ම ඊට පසුබිම් වු කරුණු මෙම චිත්‍රපටයට පාදකවී ඇත.

004 copy

''රට ගැන කැක්කුමක් තියෙන අපි වගේ උන් එක පෙළට පෙළ ගැහෙන්න ඕනි..! එහෙම නොවුනොත් හැම වෙලාවෙම ඒකෙ වාසිය ගන්නෙ පරදේසක්කාරයෝ..!

අපේ එවුන්ගේ විශ්මකර්ම වැඩ දැකලා පර දේසක්කාරයො හූල්ලනවා..!''

Screen Shot 2017 07 29 at 12.10.59 AM

කළා වැව නිර්මාණය වීම සහ කඩවර දෙවි උපත පිළිබඳ පවතින ජනප්‍රවාදය චිත්‍රපටයේ පසුබිමයි.

මහේන්ද්‍ර පෙරේරා , ඩබ්ලිව් ජයසිරි , ජගත් මනුවර්ණ , විශ්ව කොඩිකාර ,මාදනී මල්වත්ත, ජනක් ප්‍රේමලාල් , ධර්මප්‍රිය ඩයස් සහ  නීටා ප්‍රනාන්දු, ඇතුලු නළු නිලියන් රැසක් මෙයට රංගනයෙන් දායක වී ඇත.

Screen Shot 2017 07 29 at 12.41.54 AM
වැවක් තැනීමට සුදුසු භූමියක් සොයමින් සිටින ධාතුසේන රජුට වැව තැනීමට සුදුසු භූමිය හමුවන්නේ රට වාසීන් විසින් අල්ලා ගන්නා සොබා දහම ඇසුරේම කලක් දිවි ගෙවූ කැලෑ මිනිසෙකු මාර්ගයෙනි. වැව ඉදිවන අතර එමගින් රට සශ්‍රීක වීම නොරිස්සු පිරිස් කුමන්ත්‍රණ කර වැව බිඳ දැමීමට ගන්නේ දැඩි උත්සාහයක්.

කුමන්ත්‍රණකරුවන් විසින් උපක්‍රමශීලීව වැවේ උමඟක් නිර්මාණය කරන අතර එය වසා දැමීමට උත්සාහ කරන කාල නම් දරුවාට අකල් මරණයක් අත්වන්නේ ජලය ගලායන උමඟ තුළ සිරවීමෙනි.

Screen Shot 2017 05 15 at 11.38.58 PM

''රූ වෙනකම් වෑ බැම්ම ඉස්මත්තෙ නටල නටල යනකොට කුරුළු පැට්ටෙක් ගහ මුදුනතින් බිමට වැටිලා ඌ තියන්න ගහ මුදුනට නැග්ගා මට මයෙ ඇස්ගෙඩි දෙක අදහාගන්න බැරිවුනා.

නිළමක්කාරයෙක් තව එවුන් වගයක් එක්ක ඇවිත් වැව බිදෙන්ට උමයක් හාරලා ගියා.

මාව ගහට නැග්ගුවෙත් දේවතා උන්නාන්සේලා වෙන්ට ඇති කියලා මට හිතුනා

මේවැව බේරගන්ට...

මට මතකයි මං උමේ වහන්ට කොරපු වෙර වීරිය

එච්චරයි මට මතක

මයෙ නම කාල''

 අපේ රටට, අපේ කමට ආදරේ හැමෝම එකතුවෙන්න..

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top