සම්මුතිවාදී ආණ්‌ඩුවකට කැමැති නැතිතේ තමන්ගේ බලය ගැන පමණක්‌ සිතා කටයුතු කරන දේශපාලනඥයන් සම්මුතිවාදී ආණ්‌ඩුවකට කැමැති නැතිතේ තමන්ගේ බලය ගැන පමණක්‌ සිතා කටයුතු කරන දේශපාලනඥයන්
Sep 05, 2017

'කවුරු කෙසේ කීවත් සම්මුති ආණ්‌ඩුව සාර්ථකයි'- ජනාධිපති (ඡායාරූප)

කවුරුන් කෙසේ කීවත් සම්මුතිවාදී ආණ්‌ඩුව සාර්ථක බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 'විෂන් 2025' එළිදැක්‌වීම උළෙලට සහභාගි වෙමින් ඊයේ (04දා) කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැසීය.

සම්මුතිවාදී ආණ්‌ඩුවේ වාසිය තවමත් සියයට සියයක්‌ රටට ලැබී නැති බවත් එහි උපරිම වාසිය ලබාගැනීමට තවදුරටත් යා යුතු බවත් ජනාධිපතිවරයා කීය.

සම්මුතිවාදී අණ්‌ඩුවකට කැමැති නැති තමන්ගේ බලය ගැන පමණක්‌ සිතා කටයුතු කරන දේශපාලනඥයන් නිසා සම්මුතියෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් ජනාධිපතිවරයා පැවැසීය.

විෂන් 2025 එළිදැක්‌වීමේ උළෙලේදී තරුණ නියෝජිතයෝ ඇසූ පැනයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා එසේ කීය.

සම්මුතිවාදී ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දී ඊයේට (04) වසර දෙකක් සපිරිණ.

car rm

මෙම උත්සවය සඳහා සහභාගිවීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පැමිණ තිබුණේ එකම මෝටර් රථයකින් වීම ද විශේෂත්වයකි.

2025 රජයේ දැක්ම :


තරුණ තරුණියන්ට රැකියා දස ලක්ෂයක් බිහි කිරීම, 2020 වන විට ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 5000 දක්වා ඉහළ නැංවීම, සැමට විශ්‍රාම වැටුපක් - සුදුස්සන්ට සමෘද්ධියක් ඇතුළු කරුණු රැසකින් 2025 දැක්ම සමන්විතයි.

මෙහිදී යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරන තරුණ නායකයින්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඍජුව ප්‍රශ්න කිරීමේ අවස්ථාව හිමි වුණා.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ යහපාලන රජය යටතේ දූෂිතයින්ට දඬුවම් ලබාදීමත් සමඟ වැරදි කිරීමට ඇතැමුන් බිය වී ඇති බවයි.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පැමිණ සිටි තරුණ නායකයින්ට ‘‘2025 පොහොසත් රටක්’’, රජයේ ඉදිරි සංවර්ධන දැක්ම අඩංගු කෘති ප්‍රදානය කිරීම සිදුකෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසිනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top