Sep 25, 2017

ගාල්ලෙන් අසාමාන්‍ය කිකිළි බිත්තරයක්

ගාල්ල දික්කුඹුර අන්දුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන කුකුළු ගොවිපලකින් සාමාන්‍ය බිත්තරයක් මෙන් දෙගුණයක් විශාල බිත්තරයක් සොයාගෙන තිබේ.

මේ බිත්තරය හමුව ඇත්තේ ගාල්ල දික්කුඹුර අන්දුගොඩ පතනිගහවත්ත නිසල නිවසේ පදිංචි හීනටිගල විතානගේ කරුණාරත්න මහතාගේ කුකුළු ගොවිපලෙනි.

මේවන විට 52 හැවිරිදි වියේ පසුවන කරුණාරත්න මහතා මෛ කුකුළු ගොවිපල 2002 සිට වසර 15කට ආසන්න කාලයක් තිස්සේ පවත්වාගෙන යන්නකි.

සාමාන්‍ය බිත්තරයක් දිගින් අගල් 4ක් සහ වටප්‍රමාණය අගල් 6ක් පමණ වන අතර මේ බිත්තයේ දිග අගල් 5.5 ක් පමණ වේ. එහි වටප්‍රමාණය අගල් 8කි.

සාමාන්‍ය බිත්තරයක බර ග්‍රෑම් 85-95ක් පමණ වන අතර මෙම බිත්තරයේ බර ග්‍රෑම් 200කට ආසන්නය.

සුපුරුදු පරිදි පෙරේදා (23) දිනයේද උදෑසන බිත්තර එකතු කිරීමේ කාර්යයේ යෙදුනු කරුණාරත්න මහතාට මේ බිත්තරය හමුවූ බව ඔහු පැවසීය.

කරුණාරත්න මහතාගේ ගොවිපලේ බිත්තර දමන කිකිලියන් 500කට අධික ප්‍රමාණයක් සිටින බව ද ඔහු පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top