15976 BM WEB BANNER 01
Oct 13, 2017

උතුරේ හර්තාල් (ඡායා)

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලීම් කරමින් දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන විසින් අද(13) උතුරු පළාතේ හර්තාලයක් දියත්කර තිබේ.

උතුරු පළාතේ දේශපාලන පක්ෂ නියෝජිතයින් පැවසූවේ දෙමළ ජාතික සන්ධානය, විග්නේශ්වරන් මහතා නායකත්වය දරන දෙමළ මහජන සභාව සංවිධානය ඇතුළු දේශපාලන සංවිධාන 19 ක් සිවිල් සංවිධාන 50 ක් අදාළ හර්තාලය වෙනුවෙන් සහයෝගය පළකොට ඇති බවයි.

වවුනියාව, යාපනය, මන්නාරම, කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයේ වෙළඳ සැල් මේවන විට වසා දමා තිබේ.

හර්තාලයට සහයෝගය පළ කරමින් උතුරු පළාත පුරා ධාවන කරන අන්තර් පළාත් පෞද්ගලික බස් රථද ධාවනයෙන් ඉවත්වී සිටින බව අප වාර්තා කරු පැවසුවේය.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට රජය අවස්ථා ගණනාවකදී පොරොන්දු ලබාදුන්නද අදාළ පොරොන්දු මෙතෙක් ඉටු නොකිරීම කණගාටුවට කරුණක් වන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා කියා සිටී.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජය වහාම පියවර ගත යුතු බවද ඔහු පැවසීය.

මාධව කුලසූරිය - වව්නියාව වාර්තාකරු

Vid1

Vid2

Vid3

Vid4

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top