Oct 18, 2017

දුම්කොළ වගාවට බුදුසරණ පතයි (වීඩියෝ/ඡායා) Featured

ජාතික ආර්ථිකයට රු. බිලියන 89ක් පමණ හා ග්‍රාමීය ආර්ථිකයට බිලියන රු. 2ක් පමණ දායක වන මෙරට දුම්කොළ වගාව 2020 වන විට නැවැත්වීමට බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වන බව සමස්ත ලංකා සිගරට් දුම් උදුන් හිමි සංගමය පවසයි.
 
දිවයින පුරා වෙසෙන 20,000 කට අධික ගොවීන් පිරිසක් දුම්කොළ වගා කරමින් සිටින බවත් මෙම තහනම මගින් දුම්කොළ වගාවෙන් ජීවත් වන 300,000 කට අධික පිරිසකට සිය ජීවනෝපාය මාර්ග අහිමි වනු ඇති බවත් ඔවුන් සඳහන් කර සිටියි.
 
ඔවුන් මේ බව මාධ්‍ය වෙත පවසා සිටියේ සමස්ත ශ්‍රී ලාංකීය ගොවිප්‍රජාවටම සෙත්පැතීමට පසුගියදා දෙහිඅත්තකණ්ඩිය, කැලේගම ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී පැවති බෝධි පූජාවකින් අනතුරුවයි.
 
“යම් කිසි ආකාරයකින් ලංකාවේ දුම්කොළ වගාකිරීම තහනම් කලහොත් අපගේ ජීවිත වලට විශාල බලපෑමක් එල්ල වෙනවා මෙන්ම ගොවීන්ගේ අනාගතය කෙබඳු වේ දැයි අප කිසිවෙක් දන්නේ නැහැ. දුම්කොළ වගාකිරීම සිදුවන්නේ අස්වැන්න මිලදීගැනීම සම්බන්ධ එකඟතාවක් මතයි. ඒ ආකාරයට වගාකටයුතු කිරීමට හැකිවීම මගින් ගොවීන්ට ප්‍රතිලාභ රැසක් ලැබෙනවා වගේම එම ප්‍රතිලාභ සමාජයේ යහපතට විශාල දායකත්වයක් දක්වන බවත් කියන්නට පුළුවන්. එම නිසා දුම්කොළ වගාව තහනම් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් පුළුල් ලෙස කරුණු සලකා බලා, ගොවීන් සමග සාකච්ඡා කර, එබඳු තීරණයක් මගින් ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳව මනා අවබෝධයකින් යුතුව අවසන් තීරණයක් ගන්නා මෙන් මා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා,” යැයි මෙම සංගමයේ සභාපති ජයන්ත එගොඩවෙල මහතා පැවසී ය.
 
දුම්කොළ වගාව සිදුකිරීමේ දී ගොවි ප්‍රජාව ලබන ප්‍රතිලභ හා ඒ වෙනුවට වී වගාව කරා යොමුවීමේදී ඔවුන්ට මුහුණදීමට සිදුවන අභියෝග පිළිබඳව එගොඩවෙල මහතා මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වා සිටියේ මෙසේය : 
 
 
ගලේවෙල, පොළොන්නරුව, මහියංගණය, තෙල්දෙණිය, බුත්තල, උඩුදුම්බර සහ හාලිඇල යනාදී ප්‍රදේශවල ගොවීන් රැසක් සහභාගී වූ මෙම බෝධි පූජාවේ අවස්ථා කිහිපයකි මේ.
 
 
(ඡායා : කැළුම් ශිවන්ත / ශානිකා ජයසේකර)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top