Nov 09, 2017

මංගලගේ අයවැය අහන්න විපක්ෂය දහදුක් විඳගෙන එයි ! (ඡායා)

ඉන්ධන අර්බුදය හේතුවෙන් සිය මෝටර් රථවලින් පැමිණීමට නොහැකි වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද (09) පාර්ලිමේන්තුවට පා පැදිවලින් පැමිණ තිබේ.

කෙසේවුවද, පැපැදියෙන් පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළට ඇතුළුවීමට ආරක්ෂක නිලධාරීන් අවස්ථාව ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාට දැනුම්දුන් අතර එය මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඉල්ලා සිටියේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ පාපැදියෙන්වීම විශේෂ සිද්ධියකි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරනු ලබන බව පැවසීමෙන් පසුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සිය අය වැය කතාව ආරම්භ කළේය.

Cyclingph

 

Cycling2

Cyclingmp

DOLhTCnVAAE4ySb.jpg large

DOLhTDeUEAArrdr.jpg large

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top