15976 BM WEB BANNER 01
Nov 19, 2017

තල් අරණ පොල් අරණක් වෙයි ? (ඡායා)

උතුරේ තල් මල් සුවඳත් දකුණේ පොල් මල් සුවඳත් එක හා සමාන බව අනාගතයේ කිව හැකිදෝ යන පැනය දැන් පැන නැගී තිබේ.

ඒ තල් ගස් පෙරලා පොල් ගස් සිටුවීමට යාපනය ජනයා වැඩි උනන්දුවක් දැක්වීම නිසාය.

එසේම තල් ගසෙන් එන ආදායමට වඩා වර්තමානයේ පොල් ගසින් ලබාගත හැකි ආදායම දෙගුණ තෙගුණ වීමය.

වසර 200කට ආයු කියන තල් අරණවල් මේවන විට කපා දමා ඒවා ගිනිබත් කර පොල් සිටුවීමට යාපනයේ වැසියෝ පෙළඹ තිබේ.

පොල් ගසට වසර 100ක පමණ කෙටි ආයු කාලයක් ඇතත් මේවන විට පොල් ගසේ පොල් කොලයේ සිට පොල් මුල දක්වාම විශාල වටිනාකමක් ආරෝපණය වී ඇත.

යාපනයේ ජන සමාජයේ දෑවැද්ද මුල් බැසගත් සමාජ නිමිත්තක් වන අතර මීට දශක කිහිපයකට පෙර තරුණයකු තරුණියක් සරණපාවාගන්නා විට දෑවැද්ද ලෙස දුන්නේද තල් ගස් කිහිපයක් බව කියවේ.

යාපනයේ සංචාරය කළ ශ්‍රී ලංකා මිරර් අපට තල් ගස් පෙරලා පොල් සිටුවීම ව්‍යාපාරික මට්ටමේ වගාවක් දක්වා ප්‍රචලිතව ඇති බව දැක ගැනීමට හැකිවූයේ පලේ ප්‍රදේශයේදීය.

එම ප්‍රදේශයේ ඇති වසර 30 ක සාපකාරී යුද්ධයේ නටබුන් වූ කරටි කැඩුණ තල් ගස් මේ වන විට අතරින් පතර දක්නට ලැබුණද එහි වැඩි වශයෙන් අද දැකගත හැකිව ඇත්තේ කරටි උස්සාගෙන එන පොල් පැලය.

යාපනයේ සිට….

(ඡායා : කැළුම් ශිවන්ත ‍| ශානිකා ජයසේකර)

Coconut4 1500px1

IMG 6796Coconut3 1500px1Coconut2 1500px1IMG 6795IMG 6919IMG 6799IMG 6802

IMG 6917

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top