Nov 28, 2016

බලධාරීන් වැලිපාර මඩපාරක් කළ වගයි !

පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැලි පාරක් මීහරක් ලඟින මඩ පාරක් කිරීමේ සිද්ධියක් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මාර්ගය අලුත් වැඩියා කටයුතු කිරීමට බොරළු වෙනුවට පස් මාර්ගයට දැමීම හේතුවෙන් මේ තත්ත්වය උදාවී ඇතැයි පැවසේ.

මේ මාර්ගයට තවමත් නිසි නමක් තබා නොමැති අතර ප්‍රදේශවාසීන් බී.ඕ.පී. 400 නානායක්කාර කඩේ අසල මාර්ගය ලෙස මෙය හඳුන්වනු ලබයි.

“හරියට පාර හදන්න බැරිනම් කරදර කරන්න එපා”

වසර 1958දී මේ ප්‍රදේශයට පැමිණි ප්‍රදේශවාසියකු වන පී.ආර්. ඇනැස්ලි නොනිස් මහතා මේ අවනඩුව ගැන මෙසේ කියා සිටියේය.

“අපි මෙහෙට ආවෙ 58 දි... ඒ කාලේ ඉදලා මේ පාර වැලි පාරක් වුණාට මේ විදියට පාරේ යන්න බැරි විදියට විනාශ වෙලා නෑ… මේක දැන් නිකං කුඹුරක් වාගේ... වාහනයකට තියා පයින්වත් යන්න බෑ... පාර හදනවා නම් හරියට හදන්න. බැරිනම් තියෙන විදියට තියන්න අපිට තවත් කරදර වැඩි නොකර..”

“ මේ කැත වැඩේ කොන්ත්‍රාත්කාරයෙක්ගෙයි“

ආරියවතී මැණිකේ මහත්මිය මේ ගැන මෙසේ පැවසීය.

“මේ කොන්ත්‍රාත්කාරයෙක් තමයි මේ කැත වැඩේ කරලා තියෙන්නේ. එයාලාට උවමනා මුදල් විතරයි. මුදල් හොයන්න මිණීමරණ කාලයක්නෙ මේක.. ලක්ෂ ගාණක් මේ පාර හදන්න පාස් වෙලා කියලා දැනගන්න ලබුණා. නමුත් එකෙන් රුපියල් දහදාහක් විතර වියදම් කරලා බොරළු වෙනුවට පස් ගෙනත් දාලා පාර දැන් පාරක් නෙවෙයි කුඹුරක් වෙලා.. අපි දැන් පාරේ ගොයම් හිටවලා තියෙන්නේ. වෙන කරන්න දෙයක් නෑ.”

“ සල්ලි දීලත් නෑ : දෙන්නෙත් නෑ“

මේ සම්බන්ධයෙන් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් ඉන්දික කරුණාරත්න මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ කියා සිටියේය.

“මේ පාර සඳහා රුපියල් ලක්ෂ එකහාමාරක් වෙන් කරලා තියෙනවා. ඒ මුදල මේවන විට අපි කිසිවෙකුට නිකුත් කරලා නෑ. නිකුත් කරන්නෙත් නෑ නිසි ලෙස මාර්ගයේ කටයුතු නිමා කරනතුරු. කොන්ත්‍රාත්කරුවන් කරන මාර්ග හෝ වෙනත් දේ ගැන මුදල් දෙන්න කළින් නිරික්ෂණය හා අධික්ෂණය කරලා තමයි මුදල් නිකුත් කරන්නේ.. ප්‍රමිතියෙන් තොරව නිමා කර ඇති කිසිදු දෙයක් සදහා මුදල් නිකුත් කරන්නේ නෑ..”

සටහන හා ඡායාරූප - ඩබ්ලිව්.ඒ. පියතිලක

Lankapura1 600px 16 11 28

පි ආර් ඇනැස්ලි නොනිස්

Lankapura2 600px 16 11 28ආරියවැති මැණිකේ

Lankapura3 600px 16 11 28

Lankapura4 600px 16 11 28

මාර්ගයේ ගොයමි සිටවන හා සිටිවා ඇති අයුරු

Lankapura6 600px 16 11 28

Lankapura5 600px 16 11 28මාර්ගයේ ගමන් කල නොහැකිව රථවාහන

Lankapura7 600px 16 11 28

Lankapura8 600px 16 11 28මඩ වි ඇති මාර්ගය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top