15976 BM WEB BANNER 01
Dec 07, 2017

දංකොටුව සිග්නේචර් ප්‍රදර්ශනාගාරය විවෘත වෙයි (ඡායා)

දැකුම්කලු පෝසිලේන් නිෂ්පාදයේ කීර්තිමත් නාමයක් දිනා සිටින දංකොටුව පෝසිලේන් සමාගමේ නවතම සිග්නේචර් ප්‍රදර්ශනාගාරය අද දිනයේදී (07) විවෘත කෙරුණි.

කොළඹ 07 ගිල්ඩ්ෆර්ඩ් චන්ද්‍රවංකයේ පිහිටි මෙම ප්‍රදර්ශනාගාරයේ විශේෂත්වය වන්නේ දංකොටුව පෝසිලේන් නිෂ්පාදන මෙන්ම රෝයල් ෆර්න්වුඩ් භාණ්ඩද, Lenox හා Portmeirion වැනි ලොව සුපතල පෝසිලේන් සන්නාම නාම වලට අයත් භාණ්ඩ ද මෙහිදී මිලදී ගැනීමට හැකිවීමයි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් දංකොටුව පෝසිලේන් PLC සමාගමේ සභාපති - රාජන් ආසිර්වාදම් මහතා පවසා සිටියේ සිග්නේචර් ප්‍රදර්ශනාගාරය විවෘත කර කීර්තිමත් ජාත්‍යන්තර සන්නාම නාම එක් වහළක් යටතට ගෙන ඒමෙන් උසස් හා නවමු අත්දැකීමක් සිය පාරිභෝගිකයන් වෙත දායාද කිරීමට හැකිවන බවයි.

මෙම සිග්නේචර් ප්‍රදර්ශනාගාරයේ දසුන් කිහිපයකි මේ.

(ඡායා : කැළුම් ශිවන්ත | ශානිකා ජයසේකර)

Dankotuwa001

Dankotuwa02

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top