Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 02, 2018

ආක්ටික් සීතලෙන් අයිස් වූ නයගරා ඇල්ල (ඡායා)

කැනඩාව හා ඇමෙරිකානු දේශසීමාව අතර පිහිට සුප්‍රකට නයගරා ඇල්ල සෑම සෘතුවකදීම සංචාරකයන් අතර අතිජනප්‍රිය ස්ථානයකි.

කැනඩාව හා උතුරු ඇමෙරිකානු ප්‍රදේශය හරහා පසුගිය දින කිහිපයේ හමායන ආක්ටික් සුළං හේතුවෙන් එම ප්‍රදේශයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස පහත බැස තිබුණු අතර, මේ හේතුවෙන් නයගරා ඇල්ලේ ඇතැම් කොටස් අයිස් බවට පත්ව තිබේ.

නයගරා ඇල්ලේ දියකඳ සුපුරුදු ලෙස ඇදහැලුනද, එමගින් නැගෙන මීදුම අයිස් බවට පත්වී එය ආශ්‍රිත ප්‍රදේශ වලට වැටී ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ හේතුවෙන් නයගරා ඇල්ල ආශ්‍රිත පරිසරය පුරාවට පැතිරුණු ශීත ඍතුවේ සුන්දරත්වය මැනවින් විදහා දක්වන ඡායාරූප පෙළකි මේ.

(ඡායා : ෂැරොන් කැන්ටිලන් | බෆලෝ නිවුස්)

Nayagarapics

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top