Dec 06, 2016

කාල්ටන්ගේ කාලය අවසන් !

ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය කටයුතු ප්‍රධානී (Domestic Head) ලෙස කටයුතු කළ කාල්ටන් බර්නාඩස් මහතාගේ කොන්ත්‍රාත් කාලය දික්කර නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

වසර 6කට ආසන්න කාලයක් ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කර ඇති බව පැවසේ.

හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතාගේ කිට්ටුම හිතවතෙකුවන කාල්ටන් කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ වසර ගණනක් සභාපතිව සිටි කේ. මතිවානන් මහතා ඉවත්කර නිශාන්තට අදාළ තනතුර ලබාදීමට පුරෝගාමී වූ අයෙක් ලෙසද සැලැකේ.

කෙසේවුවද, දෛවයේ සරදමකට මෙන් තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් හි සභාපතිවීමෙන් පසුව කාල්ටන්ගේ රැකියාව සුරක්ෂිත කරනු ලැබුවේ මතිවානන් මහතා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියකු මිරර් සමඟ කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top