Dec 22, 2016

ඔලිම්පික්‌ නිලවරණයට යළි බාලගිරිය Featured

ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුවේ නිලධාරීන් සමග පසුගියදා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ සාකච්ඡාවකින් පසුව සංශෝධනය කරන ලද ක්‍රීඩා පනතේ නව රෙගුලාසි යළිත් වතාවක්‌ සංශෝධනය කිරීමට සිදුවීමෙන් ඔලිම්පික්‌ නිලවරණය තවත් මාස හයකින් පමණ ප්‍රමාද වන බව වාර්තා වේ.

වසර 2009න් පසුව ජාතික ඔලිම්පික්‌ නිලවරණයක්‌ පවත්වා නොමැති අතර එය විවිධ හේතුන් මත වසර හතක්‌ පුරා පැවැත්වීමට නොහැකිව තිබේ.

කෙසේ වෙතත් ලබන 2017 වසරේ මැයි මාසය අවසන් වීමට පෙර මෙරට ඔලිම්පික්‌ නිලවරණය පැවැත්වීමට බොහෝ විට හැකිවනු ඇතැයි පැවසේ.

ජාතික ක්‍රීඩා සංගම්වලට ගැටලුකාරී නොවන අයුරින් සහ ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුවේ නීති රීතිවලට පටහැනි නොවන අයුරින් මෙරට ක්‍රීඩා නීතිය සංශෝධනය විය යුතු බව ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටු නිලධාරීන් පවසා තිබේ.

ඒ අනුව පසුගිය 2016/10/27 වැනි දින සකස්‌ කරන ලද නව ක්‍රීඩා නීති සහ රෙගුලාසිවල ඇතැම් වගන්ති සංශෝධනය කරමින් සංශෝධිත ගැසට්‌ පත්‍රයක්‌ නිකුත් කරන බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.

කෙසේ වෙතත් සංශෝධනය කරන ලද අදාළ නීති සහ රෙගුලාසි සම්බන්ධව විශේෂ කමිටුවක්‌ ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත්කර ඇති අතර එම කමිටුවේ සාමාජිකයන් ලෙස ජාතික ඔලිම්පික්‌ කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු, ලේකම් මැක්‌ස්‌වෙල්ද සිල්වා, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සමන් බණ්‌ඩාර, නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් සුමති ධර්මවර්ධන, ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ, ජාතික ඔලිම්පික්‌ කමිටුව වෙනුවෙන් ඩිල්ෂාන් ජයසුරිය, ක්‍රීඩා අමාත්‍යාංශ නීති නිලධාරී ශිරෝමී රණවක යන මහත්වරුන්ගෙන් සමන්විත වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top