nsb

Dec 24, 2016

අවසන් තරගයේදී ලංකාව පරදා ඉන්දියාව ජය ගනියි

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව සංවිධාන කළ ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දියානු යොවුන් පිල ඊයේ (23) සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 8ක් දැවී ලකුණු 273ක් රැස්කළ අතර පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිලට සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 239ක් පමණි.

ලකුණු 274ක් හඹා යෑමේදී ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන් සාර්ථකව ඉනිම ගොඩනැගුවද අවසන් කඩුලු 7 ලකුණු 43ක් තුළ බිඳ වැටීමෙන් ශ්‍රී ලංකාවට පරාජය අත්විය.

අවසන් තරගයේ වීරයා ලෙස අභිෂේක් ශර්මා ද තරගාවලියේ වීරයා ලෙස හිමන්ෂු රානා ද සම්මාන දිනා ගත්හ.

මේ තරගාවලිය ආරම්භ වූ 2012 වසරේදී සම ශූරයන් වූ ඉන්දියාව 2014 පැවැති දෙවැනි තරගාවලියේදී ශූරතාව දිනාගත් අතර පිට පිට ශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාව මෙය විය.

SL IND1 600px 16 12 24

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top