15976 BM WEB BANNER 01
Dec 27, 2016

ලක්මාල්ගෙන් කඩුලු 5ක්

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉනිමකදී ලබා ගත් වැඩිම කඩුලු සංඛයාවක් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් සමත්විය.

ඒ මේ වන විට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන දකුණු අප්‍රිකා - ශ‍්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේදීයි.

ඔහු ලකණු 62කට කඩුලු පහක් දවාගැනීමට සමත්වූ අතර එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉනිමකදී දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාව වෙයි.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ ප්‍රභල ක්‍රීඩකයන් වෙන ඩීන් එල්ගාර්, ස්ටීවන් කුක්, හෂීම් අම්ලා, නායක ෆෆ් ඩු ප්ලෙසිස් හා කේෂාව් මහරාජ් දවාගැනීමට ලක්මාල් සමත්විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top