Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 31, 2016

ඇනා ටෙනිස් පිටියට ආයුබොවන් කියයි

හිටපු ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකා හා ප්‍රංශ විවෘත ටෙනිස් ශූරී සර්බියාවේ ඇනා ඉවනොවික් අන්තර්ජාතික ටෙනිස් පිටියට සමුදීමට තීරණය කොට ඇත.

ඇය සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් පවසා ඇත්තේ තමන්ගේ දක්ෂතා ඉහළ මට්ටමේ පවත්වා ගැනීමට ඇති නොහැකියාව සිය සමුගැනීමේ තීරණය ඉක්මන් කළ බවයි.

මේ වන විට ටෙනිස් ශ්‍රේණිගත කිරිම් හි 65 වැනි ස්ථානය දක්වා පහත බැස සිටින ඉවනොවිච් මෙම වසරේ ආබාධ රැසකට මුමුණ දුන් අතර මෙම වසෙර්දී ඇයට ජය ගැනීමට හැකිවුයේ තරග 15 ක් පමණි.

සුරූපී ක්‍රීඩිකාවක ලෙස ප්‍රේක්ෂක ආකර්ශණය දිනා ගත් ඇනා 2003 වර්ෂයේදී වෘත්තිය ටෙනිස් ක්‍රීඩාවට අත්පොත් තබන අතර 2008 වර්ෂයේදී සිය ටෙනිස් දිවියේ ස්වර්ණමය අවධිය පසු කරමින එම වසරේ ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය ජය ගත්තේ ලොව අංක එකේ ටෙනිස් කිරුළ ද තමන් සතු කරමිනි.

එම වසරේදීම ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් අනුශූරිය ලෙස කිරළු පැළදීමටද ඇය සමත් වූ අතර 29 හැවිරිදි ඇනා ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් කිරුලක් දිනා ගත් පළමු සර්බියානු ක්‍රීඩිකාව ද වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top