nsb

Jan 04, 2017

අශාන් පැය 24ක රේස් එකකට සෙට්වෙයි

මෙරට මෝටර් රථ ධාවන පථයේ ප්‍රබලතම මෝටර් රථ ධාවන ශූරයකු වන අශාන් සිල්වා ලොව ප්‍රධානම මෝටර් රථ ධාවන තරගමාලාවක් වන ජාත්‍යන්තර එන්ඩියුරන්ස් මෝටර් රථ තරගාවලියේ (International Endurance Series 2017) පළමු කාණ්ඩයේ තරගාවලියට එක්වීමට නියමිතය.

මේ මස 12, 13 හා 14 යන තෙදින ඩුබායි නගරයේ ඔටෝ ඩ්‍රොම් ධාවන පථයේ දී මේ තරගාවලිය පැවැත්වෙයි.

මේ තරගාවලියේ විශේෂත්වය වන්නේ පුරා පැය විසිහතරක කාලයක් තරගය පැවැත්වීමය.

ලොව නන්දෙසින් තරගකරුවන් විශාල සංඛ්‍යාවක් සැම වර්ෂයකම මේ තරගාවලිය නියෝජනය කරන අතර මෙවර ද රටවල් ගණනාවකින්ම මෝටර් රථ ධාවන ශූරයන් විශාල සංඛ්‍යාවක් තරගාවලියට එක්වී ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top