Jan 04, 2017

හේරා වාස්ව අභිබවා යයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගත් දෙවැනි ක්‍රීඩකයා බවට පත්වීමට වමතින් දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සමත්විය.

ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී කයිල් ඇබට්ගේ කඩුල්ල දවාගැනීමට ඔහු සමත්වීමත් සමගිනි.

ඒ අනුව හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුුලු 356ක් දවාගෙන ඇති අතර කඩුලු 355ක් දවාගනිමින් චමින්ද වාස් පිහිටුවා තිබූ වාර්තාව ඔහු විසින් බිඳ දමනු ලැබීය.

ටෙස්ට් කඩුලු 800ක් දවාගෙන ඇති ලංකාවේ හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇති ක්‍රීඩකයා වෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top