nsb

Jan 11, 2017

ඇෆ්ගනිස්තානය පූර්ණ සාමාජිකත්වය ඉල්ලයි

ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ඉල්ලා සිටීමට ඇෆ්ගනිස්තානය කටයුතු කරන බව වාර්තා වේ.

පූර්ණ සාමාජිකත්වයට සුදුසුකම් ලැබීම සඳහා සැපිරීමට අවශ්‍ය කරුණු සම්බන්ධයෙන් ඇෆ්ගන් නිලධාරීන් විසින් විස්තරාත්මක වාර්තාවක් සකසමින් සිටින බවට විදෙස් වාර්තා සඳහන් කරයි.

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඇෆ්ගනිස්තානය පිළිගනු ලැබුවේ 2001 වසරේදීය. වසර 2009 දී එක්දින ජාත්‍යන්තර තරග සඳහා සුදුසුකම් ලැබූ ඇෆ්ගනිස්තානය, පසුගිය කාලය පුරාවටම ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා දිගින් දිගටම කටයුතු කර තිබුණි.

මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 70කට මුහුණදී 35ක් දිනා ඇති ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම, පන්දුවාර විස්සයි විස්ස තරග 51ක් ක්‍රීඩා කර ඉන් 32ක් දිනාගැනීමට සමත් වී තිබේ.

මේ වන විට ඔවුන් එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල දසවැනි ස්ථානයේද, පන්දුවාර විස්සයි විස්ස ශ්‍රේණිගතකිරීම් වල නවවැනි ස්ථානයේද පසුවෙයි.

(ගල්ෆ් නිවුස් ඇසුරෙනි)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top