Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 15, 2017

තිලංග පොරොන්දුව ඉටුකරයි : මෛත්‍රීගේ ගමටත් ක්‍රිකට් පිටියක් Featured

රැපියල් මිලියන 60ක වියදමින් අංග සම්පුර්ණ ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයක් පොළොන්නරුවේ හිගුරක්ගොඩ ඉදිකරණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති හා නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා කියයි.

සුමතිපාල මහතා ඊයේ (14) අදාළ ක්‍රීඩාංගනය ඉදි කිරීමට වෙන්කර ඇති හිගුරක්ගොඩ රජයේ ගොවිපොළට අයත් අක්කර 45ක භූමිය නිරික්ෂණය කිරීමට පොළොන්නරුවට ගොස් තිබිණි.

මෙම නිරික්ෂණ චාරිකාවෙන් පසුව ඒ මහතා හා පොලොන්නරු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නිළධාරින් සමඟ සී.අයි.සී. හෝටල් ශ්‍රවණාගාරයේ සාකච්ඡාවක් පැවැති අතර එහිදී සුමතිපාල මහතා මේබව කියා සිටියේය.

වසර 1998 දී තිලංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් හි සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී පොළොන්නරුවේ ක්‍රීඩකයන්ට ලබාදී තිබූ පොරොන්දුවක් ඉටුකරමින් මේ ක්‍රීඩාංගනය ලබාදෙන බවද ඔහු එහිදී අවධාරණය කළේය.

ඒ අනුව ඔහු සිය පොරොන්දුව වසර 19කට පසුව ඉටු කිරීමට නියමිතය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමතිපාල මහතා මෙසේ පැවසීය.

“මම 1998 දි ක්‍රිකට් සංගමයේ සභාපති ලෙස කටයුතු කරන කාලේ පොළොන්නරුවෙ ක්‍රිකට් සංගමයේ සභාපති ලෙස කටයුතු කලේ වර්ථමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. එතුමා ඇතුඑ පිරිස ක්‍රිකට් සංගමයෙන් පොළොන්නරුවට හොද තත්වයේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ අනුව අපි එකඟ වෙලා ක්‍රීඩාංගනය සදහා ඉඩමක් ඉල්ලුවා. ඒ කාලේ වර්ථමාන ජනාධිපති තුමා මහවැලි අමාත්‍යවරයා ලෙසයි කටයුතු කළේ. අපිට එතුමා මුල් වෙලා හිගුරක්ගොඩ රජයේ ගොවිපලෙන් අක්කර 15ක් වෙන් කරලා දුන්නා. කොහොම හරි මම ක්‍රිකට් බොඩ් එකේ සභාපති කමින් අයින් වුනාට පස්සේ මේ වැඩේ වුනේ නෑ. පස්සේ නැවැත මා ක්‍රිකට් බොඩ් එකේ සභාපති ලෙස දැන් කටයුතු කරනවා. මේ ක්‍රීඩාංගනය සදහා දැන් අක්කර 45ක් ලැබී තිබෙනවා. දැන් අපට මුදලුත් තියෙනවා. එකක් ජනාධිපති තුමාගේ ප්‍රදේශයේ එතුමා විසින් ඉල්ලීමක් කරපු එකක්”

සටහන හා ඡායාරූප - ඩබ්ලිව්.ඒ.පියතිලක

ක්‍රීඩාපිටිය සැකසීමට නියමිත භූමිය

PIX 01 P

තිලංග ඇතුඑ  පිරිස ක්‍රීඩාපිටිය සදහා වෙන් කරන ලද භුමිය පරික්ෂා කරන අයුරු

PIX 02 P

PIX 03 P

ක්‍රීඩාපිටියේ සැලැස්ම පරික්ෂා කරමින්

PIX 05 P

PIX 06 P

පොළොන්නරු ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසකට තිලංග සුමිතිපාල මහතා විසින් කි‍්‍රඩා භාණ්ඩ බෙදාදුන් අයුරු.

PIX 07 P

පාර්ලිමේන්තු නියොජ්‍ය කතානායක හා ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ සභාපති තිලංග සුමතිපාල මහතා

PIX 08 P

සාකඡාව පැවැත්වු අවස්ථාව

PIX 09 P

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top