nsb

Jan 15, 2017

ටෙස්ට් තුනම පරාදයි, සයිමන් හා ෆෝඩ් බුදිද ? Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකාව සමඟ පැවැති ටෙස්ට් තරඟ තුනම පරාජයට පත්වීම සම්බනධයෙන් ඉහල දක්ෂතා වර්ධන කළමනාකරු (High performance manager) වන සයිමන් විල්ස් හා පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් යන දෙදෙනාට දැඩි ලෙස විවේචන එල්ලවෙමින් තිබේ.

මොවුන් දෙදෙනා ක්‍රිකට් තේරීම් කමිටුව වෙතට ඇගිල්ල දිගුකළ ද ඇත්තටම මේ පරාජයේ වැඩි බරක් යොමුවන්නේ ඉහල දක්ෂතා වර්ධන කළමනාකරු (High performance manager) වන සයිමන් විල්ස් වෙත බව විචාරක මතය වේ.

සයිමන් විල්ස්, ශ්‍රී ලංකා ක්‍රිකට්හට එක්කරගෙන ඇත්තේ ඇමරිකානු ඩොලර් 15,000 ක මාසික දීමනාවකට වන අතර ඔහුගේ මූලික කටයුත්ත වන්නේ තේරීම් කමිටුව ලබාදෙන කණ්ඩායමේ දක්ෂතා වර්ධනය කර ගැනීමට උපදෙස් දී ඒ හරහා තරඟ ජයග්‍රහණය වෙත ගෙනයාම බව ක්‍රිකට් විචාරකයකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

මේ අතර, ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලංකාවෙන් දකුණු අප්‍රිකාවට යනතෙක්ම සයිමන් පුහුණුවීම් අතරතුරද එතරම් දායකත්වයක් නොදැක්වූ බවයි.

එසේම ග්‍රැහැම් ෆෝඩ්ට ද ක්‍රිකට් ආයතනයෙන් ඇමරිකානු ඩොලර් 12,000ක දීමනාවක් මාසිකව ගෙවනු ලබයි.

පන්දු රැකීමේ පුහුණුකරු වෙන සංචාරයක

මේ අතර, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස එක්කරගත් නික් පෝතාස් 19න් පහළ ක්‍රිකට් පිල සමඟ තරග සංචාරයකට හක්ව ඇති බවයි.

පෝතාස්ට ද ඇමරිකානු ඩොලර් 8,000ක් මාසිකව ගෙවනු ලබයි.

විල්ස් හා පෝතාස් ගෙනාවේ අරවින්ද

විල්ස් හා පෝතාස් යන දෙදෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට්හට සම්බන්ධකර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයකු ලෙස කටයුතු කරනු ලබන අරවින්ද ද සිල්වාය බවද මේ අතර වාර්තා වේ.

ඔහු කෙන්ට් ප්‍රාන්තයේ ක්‍රීඩා කිරීම හරහා ඇතිකරගත් සම්බන්ධතා අනුව මොවුන් දෙදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එක්කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top