15976 BM WEB BANNER 01
Jan 19, 2017

යාපනයටත් ජගත් ක්‍රිකට් පිටියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිට පළාත් ක්‍රිකට් දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ යාපනයේ ඉදිකිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකරන භූමිය නිරීක්ෂණය කිරීම ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා විසින් පසුගියදා සිදුකරන ලදී.
මෙහිදී උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතාගේ ආරාධනයක් අනුව යෝජිත මණ්ඩතිව් භූමිය නිරීක්ෂණය කිරීම පසුගියදා සිදුවිය.
 
රුපියල් මිලියන 100ක වියදමින් ඉදිකෙරෙන මෙම ක්‍රීඩාංගණය මෙම වසරේ ආරම්භ කර 2022දී අවසන් කිරීමට නියමිතව තිබේ.
 
මේ අතර, රැපියල් මිලියන 60ක වියදමින් අංග සම්පුර්ණ ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයක් පොළොන්නරුවේ හිගුරක්ගොඩ ඉදිකිරීමට වෙන්කර ඇති හිගුරක්ගොඩ රජයේ ගොවිපොළට අයත් අක්කර 45ක භූමිය නිරීක්ෂණය කිරීමට සුමතිපාල මහතා පසුගිය 14දා කටයුතු කර තිබුණි. 
 
(ඡායා : ලක්බිම)
 
සබැඳි පුවත් :
 
Thilanga1 Jaffna 670px 17 01 19
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top