Jan 20, 2017

ධනුෂ්කට ආබාධයක් : අද තරගයට නෑ

දකුණු අප්‍රිකානු සංචාරයට අදාලව අද (20) පැවැත්වීමට නියමිත පළමු පන්දුවාර විස්සයි විස්ස තරගයකට ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරු - ධනුෂ්ක ගුණතිලක සහභාගී නොවන බව වාර්තා වේ.
ඒ, ඔහුට ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙනි.
 
පුහුණු සැසියකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිවුස් පවසා ඇත්තේ අද දින තරගයේ ආරම්භක පිතිකරුවන් ලෙස නිරෝෂන් දික්වැල්ල හා ධනංජය ද සිල්වා පිටියට පිවිසෙනු ඇති බවයි.
 
අද තරගය සෙන්චූරියන් පිටියේදී ග්‍රිනීච් වේලාවෙන් ප.ව. 4.00ට ඇරඹේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top