nsb

Jan 24, 2017

ඩිල්ෂාන්, තිසර පාකිස්තානයට කැඳවයි!

පාකිස්තාන සුපර් ලිග විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් හා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා එක් කර ගැනිමට තරග සංවිධායකයන්ගේ අවධානය යොමුව ඇතැයි විදෙස් පුවත්වල දැක්වේ.

එම තරගාවලියට එක්වන විදෙස් ක්‍රීඩකයන් වෙනුවට අලුත් ක්‍රීඩකයන් බඳවා ගැනීමට තීරණය කිරීම හේතුවෙන් ඔවුන්ට මේ අවස්ථාව ලැබී තිබේ.

ඒ අනුව බංග්ලාදේශයේ ශකිබ් අල් හසන් වෙනුවට පේෂාවර් කණ්ඩායමට තිලකරත්න ඩිල්ෂාන් එක්කර ගැනීමට ඔවුන් තීරණය කර ඇත.

කොදෙව්හි රොව්මාන් පවෙල් වෙනුවට කුයෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට තිසර පෙරේරා එක්කර ගැනීමට නියමිත බව පැවසේ.

පාකිස්තාන සුපර් ලීග විස්සයි 20 තරගාවලිය එළැඹෙන 9දා සිට මාර්තු 7 දක්වා ඩුබායි හා සාජි කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය.

අවසන් මහ තරගය ලාහෝර් නුවරදී පැවැත්වීමට තරග සංවිධාකයන් තීරණය කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top