nsb

Jan 25, 2017

මැතිව්ස්ගේ තැන ගන්න තුන් කොන් සටනක්

දකුණු අප්‍රිකාව සමග අද පැවැත්වීමට නියමිත අවසන් සහ තීරණාත්මක පන්දු වාර 20-20 තරගයට සහභාගි වන ශ්‍රී ලංකා පිලට ක්‍රිඩකයන් තිදෙනෙක් එක් කිරීමට ක්‍රිකට් ආයනයේ ප්‍රධානීන් සටනක නිරත වී  ඇති බව වාර්තාවේ.

මෙසේ  ක්‍රිඩකයන් තිදෙනෙක් එක් කරන්නේ පිය පදවියේ ලැබීමට ආසන්නයේ සිටීම නිසා ලංකාවට පැමිණි නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ පුරප්පාඩුව සදහාය.

ඒ අනුව සුරංග ලක්මාල්, සචිත් පතිරණ හා ජෙෆිරි වැන්ඩසේ අද තරගය සදහා ශ්‍රී ලංකා පිලට එක් කිරීමට උත්සාහ කරමින් සිටින ක්‍රීඩකයෝ වෙති.

තරගය ශ්‍රී ලංකාවේ අද රාත්‍රී 9.30 ට නිව්ලෑන්ඩ්ස් ස්ටේඩියම් ක්‍රිඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතය.

මේ වන විට දෙපිලම සම තත්වයේ පසුවන නිසා අද පැවැත්වෙන තරගය ඉතා තීරණාත්මක වනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top