nsb

Jan 26, 2017

ක්‍රිකට් ලොක්කන් කිහිපදෙනෙක් අස්වෙන්න යයි

තරග පාවාදීමක් සිදුව ඇති බවට චෝදනා එල්ලව ඇති පළමු පෙළ  ක්‍රිකට් තරගාවලියේ “බී” කාණ්ඩයේ පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර ක්‍රීඩා සමාජය (Kalutara Physical Cultural Ciub) අතර තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිලධාරීන් සම්බන්ධ බවද මේවන විට හෙළිව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ බව හෙළිවීමත් සමඟ වරදට සම්බන්ධ නිලධාරීන්ට දඬුවම් ලබා නොදෙන්නේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන නිල දරන පිරිසක්  ඉවත්වීමට සූදානම්වන බවද  වාර්තා වේ.

එම තරගය පානදුර ක්‍රීඩා සමාජයට ශූරතාව දිනාගැනීමට හැකිවන පරිදිත්, කළුතර ක්‍රීඩා සමාජය තරගාවලියෙන් පහතට (Demote) නොවැටෙන පරිදිත් ඉතා සූක්ෂමව තරග පාවාදීමක් සිදුව ඇති බවට චෝදනා එල්ලවී ඇත.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top