Jan 28, 2017

පළමු තරගයෙන් ලංකාවට කඩුලු 8ක පරාජයක්

Update - දකුණු අප්‍රිකාව සමඟ පොර්ට් එළිසබෙත්හි පැවැති තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 8ක පරාජයක් ලැබීය.

මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලට සිය පන්දුවාර 50 හෝ ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර ශ්‍රී ලංකාවට සියලුදෙනා දැවී පන්දුවාර 48. 2කදී රැස්කළ හැකිවූයේ ලකුණු 181කි.

දකුණු අප්‍රිකාව පන්දු 34.2කදී කඩුලු 2ක් පමණක් දැවී ඉතා පසසුවෙන් එම ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් විය.

පනෙල් හා තහීර් ලංකාව 181කට සීමා කරයි

දකුණු අප්‍රිකාව සමඟ පොර්ට් එළිසබෙත්හි පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලට සියලුදෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 181ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 48.2 කට සීමා කිරීමට සමත් වූ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් අතරින් වෙන් පනෙල් ලකුණු 48කට කඩුලු 3ක්ද, ඉම්රාන් තහීර් ලකුණු 26කට කඩුලු 3ක්ද දවා ගනිමින් ඔවුන් අතර කඩුලු 6ක් බෙදාගත්තේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 62ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

පන්දුවාර විස්සයි - 20 තරගවලියේ ලකුණු අතර සිටි නිරෝෂන් දික්වැල්ලට අද දිනයේදි රැස්කළ හැකිවූයේ එක් ලකුණක් පමණි.

ශ්‍රී ලංකාව (පන්දුවාර 48.2කදී) 181
(කුසල් මෙන්ඩිස් 62, දිනේෂ් දන්දිමාල් 22, ධනංජය ද සිල්වා 28, වේන් පනෙල් 3/48, ඉම්රාන් තහිර් 3/26)

ජායා - ක්‍රික්ඉන්ෆෝ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top