Jan 31, 2017

ක්‍රිකට් ආයතනයේ ඉන්න ජෝඩු තුන මෙන්න Featured

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ මේවන විට සැමියා හා බිරිය යන දෙදෙනාම රැකියා කරනු ලබන පවුල් 3ක් ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න හා ඔහුගේ බිරිය වන අප්සාරි තිලකරත්න, බුවනෙක රන්දෙණිය හා ඔහුගේ බිරිය එරංගා රන්දෙනිය සහ චන්දිම මාපටුන හා ඔහුගේ බිරිය දක්ෂා මාපටුන මෙසේ ක්‍රිකට් ආයතනයේ සේවය කරනු ලබන අඹු සැමියන්ය.

හෂාන් ක්‍රිකට් ආයතනයට එක්ව සිටින්නේ පිතිකරු උපදේශක (පළාත්) ලෙස වන අතර අප්සාරි තිලකරත්න ක්‍රිකට් ආයතනයට සම්බන්ධව ඇත්තේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්
කණ්ඩායම භාර නිලධාරිනිය ලෙස (Team Incharge) කටයුතු කරනු ලබයි.

දක්ෂයි - චන්දිමයි - එරිකුයි

අන්තර් ජාතික ක්‍රිකට් ප්‍රධානියා (Head of International Cricket) ලෙස චන්දිම මාපටුන එක්ව සිටින අතර දක්ෂා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හි රක්ෂණ සම්බන්ධ ප්‍රධාන නිලධාරිනිය ලෙසය.

මේ ජෝඩු දෙකටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක් ජෝඩුවකට ලක්ෂ 5කට ආසන්න මුදලක් වෙන් කරන බව වාර්තා වේ.

ඒ අතරින් දක්ෂා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන අවුල්වලටද මැදිහත්වන්නියක ලෙස ප්‍රකට අතර ඇය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හා අනෙකුත් රක්ෂණ කටයුතු යූනියන් ඇෂුවරන්ස් ආයතනයෙන් පිට නොයාමට කටයුතු කරන්නියක ලෙසද ප්‍රකටය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික එරික් උපශාන්ත මහතා සමඟ දක්ෂාගේ ඇති කිට්ටු මිතුරුකමද ක්‍රිකට් ආයතනයේ රක්ෂණ යිනියන් ඇෂුරන්ස් සමාගමින් පිට නොයෙමට හේතුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

බුවනෙක ක්‍රිකට් ආයතනයට එක්ව සිටින්නේ ආර්. ප්‍රේමදාස පිටියේ සහය කළමනාකරු ලෙස වන අතර ඔහුගේ බිරිය වන එරංගා ශ්‍රී ලංකා ක්‍රිකට් හි ගිණුම් අංශයේ ස්වය කරනු ලබයි.

මොවුන් දෙදෙනා වෙනුවෙන් නම් එතරම් විශාල බරපැනක් ශ්‍රී ලංකා ක්‍රිකට් නොදරන බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top