Feb 01, 2017

ලංකාව දෙවැනි තරගයත් පරදියි !

Update - ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඩර්බන් හි පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 121 ක පරාජයක් ලැබීය.

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණ අප්‍රිකානු සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 307 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල පන්දුවාර 37.5 කදී ලකුණු 186 කට සියල්ලන්ම දැවී ගියේය.

...................

ලංකාවට 308 ක ඉලක්කයක්

ඩර්බන් හි පැවැත්වෙන දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු පිල සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 6කට ලකුණු 37ක් රැස් කළේය.

ෆාරාන්ස්වා ඩු පෙලෙසස් (105) හා ඩේවිඩ් මිලර් (නොදැවී 117) ශතක රැස්කරමින් දකුණු අප්‍රිකාව දැවැන්ත ලකුණු ප්‍රමාණයක් වෙත ගෙනයාමට දායක වූහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top