Feb 02, 2017

2020 ඔලිම්පික් පදක්කම් ජංගම දුරකතන වලින්

ජපානයේ පැවත්වීමට නියමිත 2020 ඔලිම්පික් උළෙලේ පදක්කම් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ජංගම දුරකතන වලින් සෑදීමට නියමිත බව වාර්තා වේ.

පදක්කම් 5,000ක් සඳහා අවශ්‍ය රන්, රිදී හා ලෝකඩ ටොන් දෙකක් එක්රැස් කරගැනීමට පැරණි ජංගම දුරකතන හා කුඩා උපාංග පරිත්‍යාග කරන මෙන් ජපන් ජාතිකයන් ගෙන් ඉල්ලීමක් සිදුකිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ ව්‍යාපෘතියෙන් වියදම් අඩුකරගැනීමට සංවිධායකයන් බලාපොරොත්තු වේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා අධ්‍යක්ෂක - කොජි මුරොෆුෂි පවසා ඇත්තේ පදක්කම් සෑදීමේ ක්‍රියාවලියට ජපන් වැසියන් හට දායක වීමට ඉඩකඩ ලබා දෙන ව්‍යාපෘතියක් යනු ඉතා යහපත් කරුණක් බවත් ප්‍රතිචක්‍රීකරණය මගින් ස්වභාවධර්මය පිළිබඳ යළි සිතීමට අපව පොළඹවන බවත් ය.

මේ අනුව,පරිත්‍යාග කරනු ලැබූ පැරණි ජංගම දුරකතන හා කුඩා උපාංග එකතු කිරීමට ප්‍රාදේශීය කාර්යාල වල හා ටෙලිකොම් අලෙවිසැල් තුළ අප්‍රේල් මාසයේ සිට පෙට්ටි තැබෙනු අතර, අවශ්‍ය ලෝහ ප්‍රමාණය එකතු වන තෙක් එම පෙට්ටි එම ස්ථාන වල තිබෙනු ඇත.

මෙම අදහස 2020 ඔලිම්පික් උළෙලේ සංවිධායක කමිටුව විසින් ජපන් රජයට හා සමාගම් වලට යෝජනා කර තිබුණේ 2016දීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top