Feb 04, 2017

අද දකුණු අප්‍රිකානුවෝ රෝස පාටට හැරෙති !

ශ්‍රී ලංකාව සමඟ අද (04) ජොහැන්ස්‌බර්ග් හී පිහිටි වොන්ඩ්‍රස්‌ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන  තරගයට දකුණු අප්‍රිකානු පිල සිය ඇඳුමේ පාට වෙනස්කර ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වේ.
 
ඔවුන්ගේ සුපුරුදු ක්‍රීඩා ඇඳුම වෙනුවට රෝස පැහැති ඇඳුමකින් අද තරග කිරීමට නියමිතව ඇත්තේ එච්.අයි.වී. ආසාධනයෙන් පෙළෙන රෝගීන්ට ආධාර මුදල් රැස්‌ කිරීම වෙනුවෙන් අද තරගය වෙන්කර ඇති බැවිනි. 
 
මෙම තරගය නැරඹීමට පැමිණෙන සියලුම ප්‍රේක්‍ෂකයන් සහ අනෙකුත් පාර්ශ්වද රෝස පැහැති ඇඳුමකින් හෝ රෝස පැහැති අත් පටියක්‌ පැළැඳ තරගය නැරඹීමට නියමිත බවද පැවසේ.
 
ඒ.බී. ඩිවිලියර්ස්‌ අද තරගයේදීත් විශේෂ හපන්කමක්‌ දක්‌වනු ඇතැයි ප්‍රේක්‍ෂකයන් බලාපොරොත්තු තබා සිටිති.
 
ඒ ඩිවිලියර්ස්‌ විසින් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලෝක වාර්තාගත අර්ධ ශතකය සහ ශතකයද වාර්තා කරනු ලැබුවේ මෙවැනි එච්.අයි.වී. ආසාධිතයන් වෙනුවෙන් මුදල් රැස්‌ කිරීමට පාට මාරු කළ තරගයකදී වීමය.
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top