nsb

Feb 07, 2017

මැතිව්ස්ට ඕස්ට්‍රේලියා යන්න බෑ : චන්දිමාල් හැලෙයි Featured

ඇන්ජලෝ මැතිව්ස්ගේ කලවා ආබාධය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි - 20 තරගාවලියට සහභාගිවීමට හැකි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවශයෙන් ප්‍රකාශකර තිබේ.
 
එසේම, පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේදී ලකුණු අතරට පැමිණීමට නොහැකි වූ දිනේෂ් චන්දිමාල්ද ඔස්ට්‍රේලියානු සංචාරයට එක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
දකුණු අප්‍රිකානු සංචාරයේ දෙවැනි පන්දුවාර - 20 තරගයේ ජයග්‍රාහී ඉනිම ක්‍රීඩා කළ මැතිව්ස් එම තරගයේදි ආබාධයට ලක්වීමෙන් පසුව ලංකාවට පැමිණි අතර තෙවැනි තරගයට නායකත්වය දෙනු ලැබුවේ දිනේෂ් චන්දිමාල් විසිනි.
 
කෙසේවුවද, මේ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා තේරීම් කමිටුව ඔස්ට්‍රේලියානු සංචාරයට නායකයකු තෝරා ගැනීමට නොහැකිව බලවත් අපහසුතාවයකට පත්ව සිටින බව පැවසේ.
 
ඉදිරි ඔස්ට්‍රේලියානු සංචාරයේ නායකත්වය බොහෝවිට එක්දින නායක උපුල් තරංගට හිමිවිය හැකි බව විශ්වාසකටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
ශ්‍රී ලංකා පිල සිය පළමු පුහුණු පන්දුවාර විස්සයි - 20 තරගයට පෙබරවාරි 15 වැනිදා මුහුණදීමට නියමිත අතර ඉන්පසුව ඔවුන් පෙබරවාරි 17 වැනිදා සිය පළමු පන්දුවාර විස්සයි - 20 තරගගයට මෙල්බර්න්හිදී තරගවැදීමට නියමිතය.
 

 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top